සමාජ සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු ලෙස අරගල කරන අසේල සම්පත් මහතාගේ දයාබර පුතුට සහ දියණියට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සත්කාරය” විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන යටතේ අද (28) විපක්ෂ නායක කාර්යාලයේ දී සහයෝගය ලබා දුන්නේය.
ඒ අනුව අසේල සම්පත් මහතාගේ පුතුට ලැප් ටොප් පරිගණකයක් ලබා දුන් අතර දියණිය ට උසස් අධ්‍යාපනය සදහා ශිෂ්‍යත්වයක් පිරිනමනු ලැබීය.
අසේල සම්පත් මහතා මේ සමාජය යහපත් කිරීම උදෙසා අරගල කරන සුවිශේෂී චරිතයක් බවත් එතුමාගේ මෙහෙවර තමන් අගය කරන බවත් පැවසූ විපක්ෂ නායකතුමා, අසේල සම්පත් මහතාගේ දරුවන්ගෙන් ඉල්ලා සිටියේ ඉතා සාර්ථක ලෙස අධ්‍යාපන කටයුතු සිදුකරන ලෙසට ය.


