ශාන්ති පදනමේ නිර්මාතෘ, කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පුජ්‍යපාද කොටපොළ අමරකිත්ති නාහිමිපාණන් වහන්සේ බැහැදුටු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තේය.
සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සසුනට අරුණ ව්‍යාපෘතිය පිළිබඳව උන්වහන්සේව දැන්වත් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම කටයුත්ත සඳහා ද නාහිමිපාණන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තේය.
මෙහිදී විපක්ෂනායකවරයා පවතින දේශපාලන තත්ත්වය පිළිබදවද උන්වහන්සේ දැනුවත් කිරීමට පියවර ගත්තේය.
එමෙන්ම කොවිඩ් වසන්ගතයට එරෙහිව සටන් වදින සියලු දෙනාට සිය ප්‍රණාමය පුද කරන බවද විපක්ෂ නායකවරයා සදහන් කර සිටියේය.