Connect with us
Advertisement

Exclusive

සජිත් සංවිධායකවරු කැදවයි: ඊළග සටනට සූදානම් වෙයි (VIDEO & PHOTOS)

Published

on

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ  සම්බන්ධීකාරකවරුන් හමුවිය.

මැතිවරණයේදී ලබා දුන් සහයෝගය පිළිබදව සිය ස්තූතිය පළ කළ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි කටයුතු පිළිබඳව ද අදහස් දැක්වීය.

‘කොළඹ දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කමිටු සාමාජිකයින් හැටියට විශාල කැපකිරීමක් කළා. සීමිත සම්පත් මැද වැඩ කළා.ඊට මාගේ ස්තූතිය. මැතිවරණයකදී විශාල ධන බලයක් යනවා. නමුත් අපි එහෙම ධන බලයක් නැතිව කැප වුණා. ආසන සංවිධායකවරු ඔවුන්ගේ නියෝජිතයින් අපි එක්ක විශාල ලෙස කැපවුණා.

අපි තුන් හතරදෙනෙකුගේ කල්ලියක් නෙවේ. අපි ප්‍රබුද්ධ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අපි සෘජු තීරණ ගන්නවා. කෙළින් කතා කරනවා. යම් යම් තීන්දු යම් හෙයකින් පමා වෙනවානම් ඒක වෙන්නේ හොදම තීන්දුව ගන්නයි. සද් ජාතිකත්වය කියන දර්ශනය තුළ අපි වැඩ කරනවා. අපි මේ රටේ සුවහසක් පුරවැසියන් රකින්න, රටට ජීවය දෙන්න, වගේම හැමෝම භුක්ති විදින සංවර්ධනයක් වෙනුවෙන් කැපවෙනවා.

අපි රට වෙනුවෙන් කළ යුතු සියල්ල කරනවා. අපි අභියෝගවලට නොසැලෙන, නිවැරදි කණ්ඩායමක්. එන පළාත් සභා මැතිවරණයට අද සිටම අපි සූදානම් වෙනවා. ජනතාවාදී,ශක්තිමත් හොද කණ්ඩායමක් හරහා අපි ජය මාවතට එමු. මාස දෙකහමාරක් වගේ කෙටි කලක් තුළයි අපි මේ ජයග්‍රහණය ලැබුවේ.’ යනුවෙන් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive4 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ