ප්‍රේමදාස පාර්ශ්වය අද (02) දිනයේදී වෙනම සන්ධානයක් ලෙස තරග වැදීමට සූදානම් වෙද්දී එක්සත් ජාතික පක්ෂයද මහමැතිවරණය සදහා වෙනම තරග වැදීමට සූදානම් වන බව වාර්තා වේ.
ඒ අනුව හෙට (03) දිනයේ සිට අපේක්ෂක නාමයෝජනා කැදවීමට පියවර ගන්නා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා හට දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.
සිරිකොත පක්ෂ මූලස්ථානය කේන්ද්‍ර කරගෙන මෙම වැඩපිළිවෙළ දියත් කිරීමටද එජාපය සියලු සැලසුම් සකස් කර ඇති බව දැනගන්නට තිබේ.