2020 වසරේ විවාහක රූ රැජිණ ලෙස කිරුළ පළඳවා නැවත එය උදුරා ගැනීමට ලක්වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට නැවතත් එම කිරුළ ලබා ගැනීමට තීරණය කර තිබේ.
විවාහක රූ රැජින තරගයේ මෙරට ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරන්නේ එම කිරුළ නැවත උදුරා ගැනීම සිදු නොකළ යුතුව තිබූ දෙයක් බවයි.
පුෂ්පිකාද සිල්වා දික්කසාද වූ බවට ලියවිලි කිසිවක් නැති නිසා අදාළ කිරුළ ඇයට නැවත ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
ඊයේ දිනයේ කැරොලයින් ජූරිගේ එම හැසිරීම තරගයේ ප්‍රතිරූපයට හානිකර ලෙස බලපා ඇති බව ද චන්දිමාල් ජයසිංහ තවදුරටත් සඳහන් කරයි.