එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට පියවර ගෙන ඇත.
මෙම රැස්වීම සදහා පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, රවි කරුණානායක, නවීන් දිසානායක, ආශු මාරසිංහ, වජිර අබේවර්ධන ඇතුලු කිහිප දෙනකු සහභාගී වී ඇති අතර මහමැතිවරණයේ තරග වදින සලකුණ සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබූ මත කිහිපයක් පිළිබදව එහිදී දීර්ඝව සාකච්ජා වී ඇති බව පැවසේ.
මෙහිදී හංසයා ලකුණ ලබා දීම පිළිබදව රවි කරුණානායක මහතා අදහස් දක්වා ඇති බවත්, එසේ හංසයා ලකුණ ලබා දෙන්නේ නම් එජාපය පාර්ශ්වයෙන් කොන්දේසි ඉදිරිපත් කළ යුතු බවත් ප්‍රකාශ වී තිබේ.
එම කොන්දේසි පිළි නොගන්නේ නම් අලියා ලකුණ යටතේ හෝ හංසයා ලකුණ යටතේ එජාපය වෙනම සන්ධානයකින් තරග කළ යුතු බවට ද එහිදී සාකච්ජා වී ඇතී බව වාර්තා වේ.