2015 ජනාධිපතිවරණ සමයේ මිලියන 600ක සිල් රෙදි බෙදා දීමෙි නඩුවේ අභියාචනාධිකරණ තීන්දුව අද (19) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙම නඩුවෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනූෂ පැල්පිට මහතා වරදකරුවන් කරමින් 2017 සැප්තැම්බර් 07 වන දින කොළඹ මහාධිකරණය විසින් තීන්දුවක් ලබා දී තිබිණ.
පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට පියවර ගෙන තිබිණ.
පසුව ඊට එරෙහිව ඔවුන් අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කළ අතර එහි තීන්දුව අද දින ලබා දීමට නියමිතය.