අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා ඇතුලු නියෝජ පොලිස්පතිවරුන් දෙදෙනකුට සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පස් දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා ද ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා එම තනතුරේ සිට පොලිස් මුලස්ථානයට ස්ථාන මාරුවීම් කර ඇති අතර ඒ මහතාගෙන් හිස් වු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට මාතර හා හම්බන්තොට දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් තිලකරත්න මහතා පත්කර ඇති බව පොලිස් මුලස්ථාන පවසයි.