2006-2009 යුද සමයේ සිදුව ඇති අතිශය රහසිගත සිදුවීම් මාලාවක් හෙළිදරව් කිරීමට එවක නෝර්වේ විශේෂ සාම නියෝජීතයා ලෙස කටයුතු කළ එරික් සොල්හෙයිම් මහතා කටයුතු කොට ඇත.
සිය ට්විටර් ගිණුමේ විශේෂ පණිවුඩ කිහිපයක් තබමින් ඒ මහතා මෙම හෙළිදරව් කිරීම් සිදු කොට තිබේ.
එහි එක් පණිවුඩයක සදහන්ව ඇත්තේ යුද සමයේදී ශ්‍රී ලංකා ආණ්ඩුව සමග එකගතාවක් ඇති කර ගැනීමට යෝජනා කළත් එල්ටීටීඊ නායක ප්‍රභාකරන් එය ප්‍රතික්ෂේප කළ බවකි.
මීට අමතරව හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතා ඝාතනය කිරීමට ප්‍රභාකරන් ඍජුවම නියෝග නිකුත් කළ බවද එහි සදහන් කොට තිබේ.
එමෙන්ම යුද්ධය පරාජයට පත්වන බව එවක කොටි සංවිධානයේ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් අනුමාන කර තිබූ බවද සොල්හයිම් ප්‍රකාශ කොට ඇත.
මීට අමතරව යුද්ධයේ අවසන් අදියරේදී ප්‍රභාකරන් පිටතට ගැනීමට යෝජනාවක් ඉදිරිපත් වූ බවත්, ප්‍රභාකරන් එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බවත් එක් ට්විටර් පණිවුඩයක සදහන්ය.