20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සදහා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හා රිෂාඩ් බදුර්දීන් මහතා සමග ආණ්ඩුව සිදු කළ සාකච්ජා සම්බන්ධයෙන් වූ විශේෂ හෙළිදරව්වක් මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
ඒ මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා විසින් කළ අනාවරණයක් හරහාය.
මෙහිදී අන්තර්ජාල නාළිකාවක් සමග සාකච්ජාවකට එක්වෙමින් නසීර් අහමඩ් මහතා පෙන්වා දෙන්නේ අදාළ සාකච්ජා රවුෆ් හකීම් මහතාගේ නිවසේ පැවැති බවකි.
ඊට හකීම් මෙන්ම බැසිල් රාජපක්ෂ මහතාද සහභාගී වී සිටි බව හෙතෙම කියයි.
එමෙන්ම 20 වන සංශෝධනයට පක්ෂව ජන්දය ලබා දීමට හකීම් මහතාද එකග වූ නමුත් ඒ මහතා ජන්දය දීමෙන් වැළකී සිටින බවද හෙතෙම කීය.
එමෙන්ම රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් මහත්වරුන් ටිරාන් අලස් මහතාගේ නිවසේ අගමැතිවරයා සමග සාකච්ජා කළ බවත්, එම හමුව මිලින්ද මොරගොඩ විසින් සංවිධාන කළ බවත් නසීර් අහමඩ් මහතා කීය.