වසර 4 ක බරපතල සිරදඬුවම් නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කලා උපාධියක් හදාරමින් සිටින බවත්, එම අධ්‍යාපන කටයුතු සදහා පහසුකම් සලසන ලෙසට බන්ධනාගාර අධිකාරියට නියෝගයක් නිකුත් කරන්නැයි මහතාගේ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
මේ වන විට රාමනායක මහතා උපාධි පාඨමාලාවේ පලමු වසර අවසන් කර ඇති අතර, දෙවැනි වසරේ අධ්‍යයන කටයුතු සදහා අන්තර්ජාල කටයුතු සදහා සම්බන්ධ වීමට අත්‍යවශ්‍ය වී ඇති බැවින් ඊට පහසුකම් සලසන ලෙසට බන්ධනාගාර අධිකාරියට නියෝග කරන ලෙසද ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මේ වනවිට රාමනායක මහතා රදවා සිටින්නේ වැලිකඩ බන්ධනාතාර රෝහලේය.