කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනා හටම රාත්‍රී භෝජන සංග්‍රහයක් සදහා ආරාධනා කොට තිබේ.
අනිද්දා දින (10) මෙම රාත්‍රී භෝජන සංග්‍රහය කතානායක නිල නිවෙසේදී පැවැත්වීමට නියමිත අතර ඊට මැතිඇමැතිවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයටද ආරාධනා කොට ඇති බව පැවසේ.
පාර්ලිමේන්තුවේදී අයවැය සම්මත වීම නිමිත්තෙන් මෙම සාදය පැවැත්වෙනු ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ පිරිසක් දැනටමත් කතානායක නිල නිවස සැරසීමේ කටයුතුවල නිරතව සිටින බවද කියැවේ.