ඊයේ (10) දින කොවිඩ් මරණ 124ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.
එම මරණ 124ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,464ක් දක්වා ඉහළගොස් ඇත.
ඊයේ තහවුරු කළ එම මරණ අතර කාන්තාවන් 49 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 75 දෙනෙකුද සිටි.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 95 දෙනෙකු සිටි බව සෞඛ්‍ය අංශ කළ නිවේදනයේ සඳහන් වේ.