“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස වර්තමාන රජයේ කොටස්කරුවන් ලෙස සෑම අභියෝගයකට ම මුහුණ දීමට සිදුවෙනවා. මේ 69 වන සමරුවේ, අපි දැන ගන්න ඕන ප්‍රධාන කාරණේ කියලා මම විශ්වාස කරන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලනය කරන්න ලෑස්ති වෙන්න ඕනේ කියලයි මම නම් විශ්වාස කරන්නේ. අභියෝග එයි. ප්‍රශ්න එයි. ඇමතිකම් මන්ත්‍රීකම් නැති වෙයි. සංවිධායකකම් නැති වෙයි. හැබැයි අභියෝගය ජනතාව හමුවේ තියෙනවා. ඒ නිසා මේ 20 වෙනි සංශෝධනය පිළිබඳවත් අපිට ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපි ඒවා ප්‍රසිද්ධියේ කථා කරලා ආණ්ඩුව අපහසුතාවයට පත්කරනවා වෙනුවට ඒ සම්බන්ධයෙන් අපේ තියෙන අදහස්, අපි බලාපොරොත්තු වෙන්වා අනාගතයේ දී අග්‍රාමාත්‍යවරයාට හා ජනාධිපතිවරයාට යවන්න.“
ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා අද (25) මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සැමරුමට එක්වෙමිනි.