21 වන සංශෝධනය අද දිනයේදීත් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන නොමැති බව වාර්තා වේ.
මීට පෙර ආණ්ඩුවේ ප්‍රධානීන් දැනුම් දී තිබුණේ 21 වන සංශෝධනය අද දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට සම්මත කරගන්නා බවකි.
අගමැති කාර්යාලයෙන්ද, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින්ද මේ බව තානාපති කාර්යාල වෙත දැනුම් දීමටද පියවර ගෙන තිබිණ.
නමුත් අද දිනයේදීත් එම සංශෝධනය ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට හැකියාව ලැබී නොමැත.