හෙට දිනයේ 21 වන සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකිරීමට තීන්දු කර ඇති බව වාර්තා වේ.
අද දින පෙරවරුවේ ජනාධිපතිවරයා හා පොහොට්ටුවේ පමණක් වූ කැබිනට් ඇමැතිවරුන් අතර පැවැති සාකච්ජාවකදී මෙම තීන්දුව ගෙන ඇති බව පැවසේ.
එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ අදාළ 21 වන සංශෝධනය නීතිපතිවරයා හරහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය ගෙන ආ හැකි බවකි.
එමෙන්ම එය අධ්‍යයනය කිරීම සදහා හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා වෙත යැවිය යුතු බවද ජනාධිපතිවරයා සදහන් කොට ඇති බව දැනගන්නට ඇත.