අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (08) පෙරවරුවේ පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුර පුද්ගලයින් 31දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේය.
අත්අඩංගුවට පත් පිරිස අතර රත්කරව්වේ ජිනරතන හිමියන් හා ජෝශප් ස්ටාලින් යන අය ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු වටරවුම අසල දී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව එම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණි.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, ලංකා ගුරු සංගමය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම උද්ඝෝෂණයට එක්ව සිටියේය.
උද්ඝෝෂණය අතරවාරයේ තලංගම පොලීසිය ඇතුළු පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් පැමිණි අතර එහිදී නොසන්සුන් තත්ත්වයක් ඇති විය.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ අකුරැස්ස නගරයේ අද පැවැත්වූ උද්ඝෝෂණයක දී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු දෙදෙනෙකු ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට ගැණුනි.
ඉන්ධන මිල ඉහල දැමීම, පොහොර ගැටලුව ආදී කරුණු කිහිපයක් මුල්කර ගනිමින් එම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.