ඊයේ (ජුනි 30 වනදා) කොවිඩ් මරණ 43ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (01) තහවුරු කළේය.
ඒ අනුව මෙතෙක් මෙරටදී සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් මරණ ගණන 3,120කි.
එම මරණ 43න් 16 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 27දෙනා පිරිමි පුද්ගලයින් වන බව රසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.