• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, June 25, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

අධ්‍යක්ෂණය නිෂ්පාදනය රඟපෑම මහජනතාව…! ජයග්‍රාහී දින 50 පසු කළා ‘අරගලය..!’

June 6, 2022
in Exclusive
A A
අධ්‍යක්ෂණය නිෂ්පාදනය රඟපෑම මහජනතාව…! ජයග්‍රාහී දින 50 පසු කළා ‘අරගලය..!’

ලංකාවට අරගල යනු අමුතු දේවල් නොවේ. ලංකාවේ ආණ්ඩු පමණක් නොව බ්‍රිතාන්‍ය කිරීටය පවා සෙලවූ වර්ජන සහ අරගල ඉතිහාසයක් අපට තිබේ. 1906 කරත්තකරුවන්ගේ වර්ජනය, 53 හර්තාලය මෙන්ම 6/5ක බලයක් සහිත ජේ.ආර්.ගේ ආණ්ඩුව සෙලවූ 80 ජූලි වර්ජනය ලංකාවේ අරගල ඉතිහාසයේ ස්වර්ණමය සිහිවටනය. එහෙත් මෙකී සියලු අරගල හා සම තැන්හි තබන්නට, නැතහොත් ඒවා අභිබවා යන්නට සමත් අරගලයක් දින පනහක සිට මෙරට සිදුවෙමින් පවතින්නේය. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් නෙරපීම සඳහා ක්‍රියාත්මක ගාලු මුවදොර අරගලයය.

සාමාන්‍ය වශයෙන් අරගලය යන වචනයම අපතුළ ඇති කරන්නේ ප්‍රචණ්ඩකාරී චිත්ත රූපයකි. එහෙත් ගාලුමුවදොර අරගලය වූ කලී ප්‍රචණ්ඩත්වය ඉඳුරාම බැහැර කළ අතිශය සාමකාමී එකක්ම වන්නේය. එය සාම්ප්‍රදායික වෛරී සටන්පාඨ වෙනුවට ආවේගශීලීත්වයට හාස්‍ය මුසුකළ සටන්පාඨවලින් අලංකාරය. නූතන තාක්ෂණය උපරිම ආකාරයෙන් පිරී ගිය ගාලුමුවදොර අරගලය වරක් ජනාධිපති ලේකම් කාර්යාලය පවා සිය සටන්පාඨවලින් වසා දැම්මේය. පාප්ප බින්දුවක් හෝ කඩදාසි කැබැල්ලක් යොදා නොගත් ඒ මෙහෙයුම ප්‍රක්ෂේපණ යන්ත්‍ර යොදාගෙන සිදුකළ එකකි. නැතිනම් ඩිජිටල් විරෝධයක් යැයි කීවාටද කමක් නැත.

එමෙන්ම ගාලුමුවදොර අරගලයට එක්වූවන්ට අරගලකරුවන්ට අප අරගලකරුවන් යැයි කීවද ඔවුන් අත ගල් කැටයක් කෝටු කැබැලක් පවා නැත. ජාතික ධජය, පොත් පත්, ආකර්ෂණීය සටන්පාඨ අත දරනා ඔවුන් තුනෙන් දෙකක පාර්ලිමෙන්තු බලයක් සහිත රජයක් සහ හැටනව ලක්ෂයක ජන වරමක් සහිතව බලයට පත් ජනාධිපතිවරයෙක් මාසයකට වැඩි කාලයක් බිත්තියට හේත්තු කරගෙන සිටිනා ආකාරය ප්‍රශංසනීයය.

ගාලුමුවදොර අරගලය ආරම්භ වනුයේ පසු ගිය අප්‍රේල් 09 වැනිදාය. ඒ රටේ නන්දෙසින් පැමිණි ජනතාව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට භූමියට රැස්වීමත් සමගය. මෙලෙස රැස්වූ මහ පිරිස අතර බහුතරය තරුණයෝ වූහ. මේ මහ පිරිසම රාජපක්ෂවරුන්ගේ අසමත් පාලනය විසින් මහමඟට ඇද දැමූවෝ වීම ඔවුන් අතර වූ එකම සමානකම විය. ඒ හැර ඔවුහු ජාති, ආගම් සහ දේශපාලන වශයෙන් විෂම පදනම් සහිත වූවෝ වූහ. ජනාධිපතිට ගෙදර යන්නැයි බල කරන මේ යොවුන් බලවේගය දෙස ආණ්ඩුව මුලින්ම බැලුවේ අවඥාවෙනි.

හවසට අරගලකරුවෝ නිවෙස් කරා යාමෙන් අරගලය නිමවෙනු ඇතැයී ඔවුහු සිතූහ. එසේ නොවූ තැන සිංහල අවුරුද්දට කොල්ලන් කෙල්ලන් ගෙදර යනු ඇතැයි සිතා සිත හදාගත්හ. එහෙත් එයද සිදුවූයේ නැත. අරගලකරුවන් වෙනුවෙන් රටේ හැම ගෙදරකම කිරිබත් පිසුණේය. කැවුම් කොකිස් බැදුණේය, කෙසෙල් කැන් ඉදුණේය. එකී කැවිලි පෙවිලි පොදි බැඳගත් රට සිවුදෙස ජනතාව අවුරුදු නැකැතට ගාලුමුවදොර පිටියට පැමිණියෝය. ඒ තමන් වෙනුවෙන් මහා අරගලයකට කරගසා සිටිනා දූ පුතු හා අවුරුදු කිරිබත බුදින්නටය. අවසන අරගලකරුවෝ සමග රටම අවුරුදු සැමරුවෝය.

ගාලුමුවදොර නිර්පාක්ෂික අරගලය නිකම්ම නිකම් අරගලයක් නොවේ. සාමාන්‍යයෙන් අරගලයක ජය හිමිවන්නේ අවසානයටය, එහෙත් ගාලුමුවදොර සාමකාමී අරගලය ආරම්භයේ සිටම ජයග්‍රහණ අත්පත් කරගනිමින් සිටින්නේය. එය වඩාත් කැපීපෙනෙන්නේ ලද ජයග්‍රහණවලින් නොව අරගලකරුවෝ ගැටෙමින් සිටිනා පාර්ශ්වයන්ට සාපේක්ෂව සිතා බැලීමේදීය. මන්ද යත් ගාලුමුවදොරට රොද බැඳගත් අරගලකරුවෝ අභියෝග කළේ මිලියන හය ඉක්මවූ ජන වරමක් සහිත ජනාධිපතිවරයකුටය. අරගලකරුවන්ගේ සටන්කාමීත්වය හමුවේ ඒ ජනාධිපතිවරයාගේ ජන වරම පැයෙන් පැය නාය යන්නට පටන් ගත් අතර අද වන විට ඔහුට ඇති එකම විකල්පය හැකි තාක් අවම හානියක් සහිතව ඇමෙරිකාවට පසුබැසීම පමණි.

අරගලකරුවෝ කෙතරම් හොඳින් ජනාධිපතිවරයා බිත්තියට හේත්තු කළේද යත් ඔහුට තම සොහොයුරා වූ මහින්ද රාජපක්ෂට අගමැති ධුරයෙන් ඉවත්වන්නැයි කියනා තැනට පසු බසින්නට සිදුවිය. එමතුදු නොව කැබිනට් මණ්ඩල දෙකක් (2022.4.18 පත්කළ කබිනට්ටුව සහ 2022.5.14 පත්කළ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ කැබිනට්ටුව) රාජපක්ෂවරුන්ගෙන් තොරව පත් කරන්නට සිදුවූයේය. මේවා හුදු දෛවයේ සරදම් නොව අරගලකරුවන්ගේ සැලසුම්සහගත ක්‍රියාන්විතයන්ගේ ජයග්‍රහණයන්ය.

ගෝඨා – මහින්දගේ පොදුජන පෙරමුණු රජය මෑත පාර්ලිමේන්තුවේ සුපිරිම බලය සහිත ආණ්ඩුව විය. ඔවුන්ට පාර්ලිමේන්තුවේ සුපැහැදිලි බලයක් හිමිව තිබුණු අතර ආසන මන්ත්‍රී ධුර 225 සහිත වත්මන් පාර්ලිමේන්තුවේ ඔවුනට හිමිව තිබූ ආසන සංඛ්‍යාව 145ක් විය. (දිස්ත්‍රික් මට්ටමින් ආසන 128ක් සහ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර 17ක්) ඊට අමතරව පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි එහෙ මෙහේ කිරීමෙන් තුනෙන් දෙකේ බහුතරයද සාදාගන්නට පොදුජන පෙරමුණ සමත් විය.

මේ සා දැවැන්ත පාර්ලිමේන්තු බලය නිසා ඔවුන් සිතා සිටියේ තමන් සදා අපරාජිත පක්ෂයක් ලෙසය. අගමැති ධුරය හෙබවූ මහින්ද රාජපක්ෂ සිතා සිටියේ ඔහු ලංකාවේ රජු බවය. ඔහු වෙනුවෙන් සැදුණු මාධ්‍ය මෙහෙයුම් ඒ මතය ජනතාවගේ හිස්මත බලයෙන් පැටවීමට කටයුතු කරන ලද බව රහසක් නොවේ. සහේළි රෝචනා ගමගේ නමැති ආධුනික ගායිකාව වරක් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ‘මහරජාණෙනි’ යනුවෙන් ප්‍රශස්ති ගීයක් ගැයුවාය. එකල එම ගීතය රාජ්‍ය මාධ්‍ය විසින් නිර්ලජ්ජිත ආකාරයෙන් පට්ට ගැසූ අතර ඒ ගායිකාවගේ නමින් මාර්ගයක් නම්කර ආණ්ඩුව එකී ප්‍රශස්ති ගීයේ මිල ගෙවා දැම්මේය.

එහෙත් ගාලුමුවදොර ජනතා අරගලය හමුවේ දෑස් පෑදුණු සහේළි රෝචනා ගමගේ ගායිකාව සහ මහරජාණෙනි ගීයේ පද රචකයා අරගල බිමට විත් එකී ප්‍රශස්ති ගීය ගැයීම සහ ලිවීම වෙනුවෙන් ජනතාවගෙන් සමාව ගත්තෝය. ඔවුන් දෙපළ පමණක් නොව මහ මැතිවරණ සමයේ පොදු පෙරමුණු ආණ්ඩුව බලයට ගෙන ඒමට දිවා රෑ වැඩකළ කලාකරුවෝ රැසක් අරගල බිමට පැමිණ ජනතාද්‍රෝහී ආණ්ඩුවක් වෙනුවෙන් කළ කී දේ වෙනුවෙන් සමාව ගත්තෝය. මේවා සියල්ල සාමකාමී අරගලයේ ජයග්‍රහණයන්ය.

අරගලය ආරම්භයේ සිටම අගමැති මහින්ද රාජපක්ෂට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි කීවද ඔහු ඊට එකඟ වූයේ නැත. ඒ වෙනුවට ඔහු අරගලකරුවන්ට සාකච්ඡාවට ඇරයුම් කළේය. එහෙත් ඒ ඉල්ලීමට අරගලකරුවන් එකඟ වූයේ නැත.

අවසන තමන් ශ්‍රී ලංකාවේ මහරජ බවට මවාගත් කෝෂයක සිරවී සිටි මහින්ද රාජපක්ෂට අගමැති ධු‍රයෙන් ඉල්ලා අස්වන්නට සිදුවූ අතර ඔහුගේ මහේශාක්‍ය කැබිනට්ටුවද ඒ සමගම අහෝසිවී ගියේය. එහෙත් අරගලකරුවන් රාජපක්ෂවරු කොල්ලකාගත් ජාතික ධනය ඉල්ලා බල කරන්නට වූ අතර අවසන බලය සදාකාලික බව සිතා සිටි අගමැති මහින්ද රාජපක්ෂ අරලියගහ මැඳුරෙන් පලාගොස් ත්‍රිකුණාමලයේ නාවික හමුදාව සතු දූපතක සැඟවන තැනට සටන දුරදිග ගියේය. ඒ අරගලයේ තවත් ජයග්‍රහණයකි. අදටත් ඔහු පාර්ලිමේන්තුවට එන්නේ යන්නේ හොර රහසේය.

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටිනා ආර්ථික අර්බුදයේ වගඋත්තරකරුවෝ ගණනාවකි. හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල ඒ අතරින් දෙදෙනෙකි. අක්‍රමවත්ව මුදල් මුද්‍රණය කිරීම සහ ඩොලරය කෘත්‍රිමව අල්ලාගෙන සිටීමෙන් මහබැංකුව සතු විදෙස් මුදල් සංචිතයෙ ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදුකළේ යැයි ඔවුනට චෝදනා එල්ලවී තිබුණේය. එහෙත් මේ දෙදෙනාගෙන් කාට හෝ ඉල්ලා අස්වීමේ වුවමනාවක් තිබුණේ නැත. අවසන අරගලකරුවන් ලබාදුන් පීඩනය නිසා මහබැංකු අධිපති සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් දෙදෙනාටම ඉල්ලා අස්වන්නට සිදුවිය.

ලංකාවේ පිහිටුවූ ආණ්ඩු පිළිබඳ සොයා බැලීමේදී දෙආකාරයක ආණ්ඩු හමුවේ. ආණ්ඩු සහ සභාග ආණ්ඩු ඒ දෙවර්ගයය. එහෙත් මේ දිනවල ලංකාවේ වැඩිපුර කතා කරනුයේ අන්තර්වාර ආණ්ඩු සහ සර්වපාක්ෂික ආණ්ඩු පිළිබඳවය. වෛරයෙන් පිරී තිබූ ලංකාවේ දේශපාලනයට සර්වපාක්ෂික ආණ්ඩු සංකල්පය හඳුන්වා දීමම අරගලකරුවෝ ලද ජයග්‍රහණයකි. වෙනදා ආණ්ඩුවේ මැති ඇමැත්තෝ පමණක් නොව ඒ අයගේ ගෙවල්වල ඇත්තන් පවා ගමන් බිමන් ගියේ අධි සුඛෝපභෝගී වාහනවලය. එහෙත් අරගලයේ ආරම්භය සමග ඒ අය මිල අඩු මරූටි වැනි වාහන දක්වා පල්ලම් බැස්සෝය. එයද අරගලකරුවන්ගේ ජයග්‍රහණයකි.

අද රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පවා 21 සංශෝධනය ගෙන ඒමට මෙතරම් කලබලව ඇත්තේ අරගලකරුවන්ගේ බලපෑම හේතුවෙනි. වෙනකක් තබා පොදු පෙරමුණේ අප්‍රකාශිත නායකයා වන බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට එන්නට කඩිමුඩියේ ගෙන ආ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නට අද පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුම තීරණය කර තිබීමද අරගලකරුවන්ගේ තවත් ජයග්‍රහණයකි. අප්‍රේල් මස නවවැනිදා අරගලය අරඹන විට මෙරට විදුලි කප්පාදුව පැය 10කට ආසන්න විය එහෙත් අරගලයේ ව්‍යාප්තිය සමගම එය පැය තුන හතරකට අඩු කරන්නට ආණ්ඩුව කටයුතු කළේය.

ඒ අරගලකරුවන් ලද තවත් ජයග්‍රහණයකි. සුද්දාගේ කාලයේ සිට මෙරට පාලනය කළ ක්‍රමය වූයේ බෙදා පාලනය කිරීමය. ඔවුහු රට භූමීය බෙදා නතරවූයේ නැත. රටේ ජනතාවද ජාති ආගම් වශයෙන් බෙදුවෝය. සුද්දාගෙන් පාලනය අතට ගත් කළු සුද්දෝද එකී බෙදා පාලනය කිරීම තවදුරටත් සුපෝෂණය කළෝය. එහි කූටප්‍රාප්තිය 2019 ජනාධිපතිවරණයේදී දැකගත හැකිවිය. ඒ ජනපතිවරණය දිනුවේ තනි සිංහල ජනාධිපති කෙනෙකි. ඒ අපේ බෙදීමේ නරකම උදාහරණය විය. එහෙත් ගාලුමුවදොර අරගලය එකී බෙදීම් සුන්නද්ධූලි කරලන්නට සමත් වූයේය.

අද සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජනකොටසක්ම අරගල කරන්නේ එකට බැඳීය. ගාලුමුවදොර අරගලය සකල ලක්වැසියන්ට තම පොදු සතුරා සොයාදී ඇත්තේය. අද සියලු දෙනා එකට එක්ව, එකාවන්ව සටන් වදිනුයේ එකී පොදු සතුරාට එරෙහිවය. ඒ ගාලුමුවදොර අරගලය අපට ලබාදුන් ලොකුම ජයග්‍රහණය වන්නේය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

Share59Tweet37SendShare15
Previous Post

ජනපති පොහොට්ටුවේ හදිසි රැස්වීමක් කැඳවයි! සාකච්ජාව උණුසුම් වන ලකුණු! EXCLUSIVE

Next Post

සමීර කලුගම්පිටියගේ කතාකරන කාටූන් එක!

MORE NEWS

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)
Exclusive

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)
Exclusive

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)
Exclusive

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)
Exclusive

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022

එල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...

Read more
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

June 25, 2022
ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net