• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, July 3, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

May 29, 2022
in Exclusive
A A
අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

වර්තමානය වන විට අප රටේ ආර්ථික හා දේශපාලන වාතාවරණය දැඩි ලෙස පරිහානියට පත්ව තිබීම හමුවේ උපනුපන් දරුවාගේ පටන් සෑමදෙනාගේම ජීවිතවලට උදාවී ඇත්තේ ඉතා කනගාටුදායක තත්ත්වයක්. නගරයක් නගරයක් පාසා ඇති ඉන්ධනහල් පෝලිම්වල මිනිසුන් දින ගණන් ගතකරමින් සිටිනවා. මේ නිසාම පෙර නොවූ විරූ විවිධ කරදරවලට මුහුණ පාන්නටත් ඒ ජනතාවට සිදුවෙලා. සමහරුන්ට ඉන්ධන සොයාගන්නට නොහැකි වීමෙන් ජීවිතවලින් සමුගන්නට සිදුවීම ඉතා කනගාටුදායකයි. මෙවැනි සිදුවීම් අපේ ජීවිතවලට එක්කරන්නේ කඳුළක්.

එවැනි කනගාටුදායක සිදුවීම් අතර පසුගියදා අපට අසන්නට ලැබුණේ ඉන්ධන නොමැති වීම හේතුවෙන් රෝහල්ගත කරන්නට ප්‍රමාද වීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ බිලිඳෙක් පිළිබඳවයි. දියතලාව රෝහලේ සේවය කරන වෛද්‍ය ශානක රොෂාන් පතිරණ මහතාගේ ෆේස්බුක් ගිණුමේ මෙම දුක්ඛිත සිදුවීම මෙලෙස සටහන් කර තබා තිබුණා.

‘මෙය, මා දියතලාව රෝහලේ සිදුකළ 86 වැනි පශ්චාත් මරණ පරීක්ෂණය සහ වේදනාත්මකම මරණයයි. දින දෙකක් වයසැති මේ පොඩි දුව මවුකිරි බීම අඩුවී, කහ වීම හේතුවෙන් ලේවල සීනි අඩුවීම නිසා ගැහෙන්න පටන් අරගෙන තිබුණා. ඒ වෙලාවේ හල්දුම්මුල්ල රෝහලට ගේන්න මේ දරුවාගේ තාත්තාට ත්‍රීවීල් එකට ඉන්ධන හොයන්න පැයක් විතර ප්‍රමාද වී, හල්දුම්මුල්ල රෝහලට එනකොට ලේවල සීනි 22mg දක්වා අඩුවෙලා. දියතලාව රෝහලට ගේද්දි දරුවා හුස්ම අදිනවා. දියතලාව රෝහලේ ETU එකේදි දරුවා නැති වුණා.’

ඔහු ඒ පරීක්ෂණය ගැන අවසන් වශයෙන් පවසා තිබුණේ මෙවැන්නක්.

‘අර පැය පරක්කු වුණේ නැත්නම් දරුවා බේරගන්න තිබ්බා. දෙයක් තමන්ට වෙන්න ඕනේ ඒකේ දුක තේරෙන්න. මාස 09ක් බඩේ තියාගෙන දවස් 2ක් තුරුලේ තියාගෙන පෙට්‍රල් ලීටරයක් නැතිව දරුවෙක් නැති වුණා කියන දුක ජීවිත කාලයටම හිතට වදදේවි. මිනිය කපන්නත් දුකයි. සියලු අවයව හොඳට හැදුණු දරුවෙක්. හෙණ ගහනවා මේ කාලකණ්ණි දේශපාලුවන්ට. පස්සේ හිතුණා මේ කාලකණ්ණි ර‌ටේ ජීවත් වෙන්නේ නැතුව ඒ ළමයා ගිය එක හොඳයි කියලා.’

මව්පියන්ගේ සොඳුරුතම බලාපොරොත්තුව වන්නේ දරුවන්. අම්මා තාත්තා මේ බිලිඳිය ඉපදුණු වෙලාවේ ඇයව රැජිනක් කරන්න සිහින මවන්නට ඇති. දරුවකු කුසට ආ දා පටන් මෙලොවට බිහිකරන තෙක් අම්මා කෙනෙක් මොන තරම් නම් වෙහෙසක් කැපකිරීමක් කරනවද? දින ගනිමින් දවසින් දවස මාසෙන් මාසේ තත්පරෙන් තත්පරේ ආරක්ෂා වෙන්නේ සෞඛ්‍යසම්පන්න දරුවෙක් බිහිකරන්නයි. තමන් ආදරයෙන් දස මාසයක් කුසේ දරා සිටි දරුවා මෙලොවට බිහිකළාම දැනෙන සතුට කියා නිම කරන්න බැහැ. ඒත් ඒ අහිංසක බලාපොරොත්තුව විනාශ කරන්න අපේ රටේ බලධාරීන්ගේ අවිධිමත් පරිපාලනය හේතු වූවා යැයි කිව්වොත් එය වැරැදි නැහැ. මේ කිරිකැටියා ලෝකෙට ඇවිත් ජීවත් වෙන්න ලැබුණේ දවස් දෙකයි. අපේ රටේ ඉන්ධන ප්‍රශ්න නිසා ඇයට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවීම කොයි තරම් ඛේදජනකද? ඇගේ මවුපියන් කොයි තරම් අසරණ වෙන්නට ඇද්ද?

මේ කනගාටුදායක පුවත පිළිබඳ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන තම ට්විටර් ගිණුමේ මෙවැනි සටහනක් තබා තිබුණා.

‘ඉතිහාසය අපට පාඩමක් කියාදී තිබේ. යුද්ධය ජයග්‍රහණය වීම දේශපාලන ආයුධයක් කරගත් දේශපාලනයක් පැවතුණු ආකාරය පිළිබඳවත් ක්‍රියාකළ ආකාරය පිළිබඳවත් අපි දන්නවා. මේ වළක්වා ගන්නට තිබූ මරණ ගැන ඇසීමෙන් මගේ හදවතට මහත් කම්පනයක් වේදනාවක් ගෙනදෙනවා. ඉපදී දින 2ක් ගතවූ මේ දරුවාට නියමිත වේලාවට රෝහලට ගෙන යාමට හැකි වුණා නම් අද ඒ දරුවා ජීවතුන් අතර ඉන්නවා. නමුත් මේ රටේ ඉන්ධන අර්බුදය නිසා දරුවාව බේරගන්න බැරි වුණා. මේ වගේ තවත් දරුවෙක්ගේ ජීවිතයක් නැතිවුණේ ෆාමසි 08කට ගිහින් බෙහෙත් සොයාගැනීමට නොහැකි වීමෙන්. වයස අවුරුදු 12ක දරුවකුටද ජීවිතය හැරයන්නට වුණා. ඒ දරුවාටද වෛද්‍යවරයා පවසා තිබුණේ දැන් ප්‍රමාද වැඩියි යනුවෙන්. මේ සිදුවීම් ඇසීම මට මහත් වේදනාවක් ගෙනදෙයි…’

මේ සියලු දරුවන් මෙලොවට බිහිවුණු මොහොතේ ඔවුන්ගේ මවුපියන්ට මහමෙරක් සේ දැනෙන්නට ඇති. නමුත් ඉන්ධන අර්බුදය නිසා තම දරුවා බිලිගත් පසු මේ කාලකණ්ණි රටක්, අවාසනාවන්ත රටක් ලෙස දැනෙන්නටත් ඇති. ඔවුන් මේ රටේ දෙශපාලකයන්ට දහස්වර සාප කරන්නට ඇති. මේ ලෝකෙට උපන් නොදරුවෙක් රටේ ප්‍රශ්නවලට ජීවිතයෙන් වන්දි ගෙවීම කොයිතරම් නම් කරුමයක්ද? නමුත් මේ මවුපියන්ගේ සිහින බොඳවී හමාරයි. තම දරුවා වන්දි ගෙව්වේ මේ රටේ පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා බව කිසිදා ඔවුන්ට අමතක නොවේවි.

මෙවැනිම තවත් ශෝකජනක පුවතක් කුරුණෑගල ප්‍රදේශයෙනුත් වාර්තා වුණා. ධනු ජයරත්න නමැත්තිය සිය ෆේස්බුක් පිටුවේ ඒ ගැන සටහන් කර තිබුණා.

කුරුණෑගල ගෑස් පෝලිමේ අම්මාට පැය ගණනක් ඉන්න සිදුවෙලා. තම අත දරුවාට මාස 3ක් විතර ඇති. වැඩිමල් දරුවාට අවුරුදු 4ක් ඇති. ඇය වැඩිමල් දරුවාව පාර අයිනක කාඩ්බෝඩ් කැබැල්ලක් උඩ කොට්ටයක් තබා අත දරුවා බලාගන්නට දීලා යන්නේ කොහොම හරි ගෑස් සිලින්ඩරයක් ලබාගැනීමටයි. මේ දරුවන් දෙදෙනාම නොදරුවන්. මේ අම්මාටත් කරකියාගන්න දෙයක් නැතිකමට එහෙම කරන්නට ඇති. ගෑස් නැතිවුණොත් උයාගන්න බැහැ. පවුලේ සියලු දෙනාම බඩගින්නේ. අම්මා ගෑස් අරන් එනවා ඉක්මනට එනවා… කියමින් පොඩි දරුවාව ලොකු දරුවා නළවයි. දරුවන් දෙදෙනාම නොදරුවන්. නමුත් ගෑස් පෝලිමේ ඉඳලා අම්මා එනකොට පැය කීයක් යයිද? කුඩා දරුවාව නළවගන්න බැරුව කෑමොර දෙමින් අඬනවා. ඒ සිදුවීම දකින ඕනෑම කෙනකුගේ ඇස්වලට කඳුළු උනනවා. මේ දරුවන් රටේ ප්‍රශ්න නිසා කොයි තරම් අසරණ වෙලාද? මිනිස්සු ජීවිත් වෙන්න දරන වෑයම කොයිතරම් දුක්ඛිතද? ඒ සියල්ලට මේ සිදුවීම් සාක්ෂි දරනවා.

අසනීපයෙන් ඉන්න කෙනකුට තෙල් ගෑස් පෝලිමක ඉඩ ලබාදෙන්න ඇතැමෙක් කටයුතු කරද්දී ඊට විරුද්ධ වන ඇතැමුන් ඉන්න බව ඇස්පනාපිටම දැකගන්න ලැබෙනවා. කෙනකු ලෙඩ වෙලා වෛද්‍යවරයා හමුවෙන්න යන්න පැයක වගේ කාලයක් තියෙන්නේ. නමුත් තෙල් පෝලිමේ පැය හය හතක් ඉන්න සිදුවෙනවා. තමන්ට හිතෙන්නේ අනේ මොන දෙයියන්නට කියන්නද? ආපහු දොස්තර කෙනෙක් චැනල් කරන්න මුදලුත් නැහැ, ඉන්ධන නැතුව යන්න වාහනයකුත් නැහැ කියලා. මෙවැනි අවස්ථාවල මනුස්සකම් තියෙන හදවත් අප රටේ ඕනෑ තරම් ඉන්නවා. නමුත් තවකකු එයට හරස් කපා සටනට එන්නේ අපිටත් දරුවෝ ප්‍රශ්න ඕනෙ තරම් තියෙනවා කියමින්. තෙල් පෝලිම්වල සමහර මිනිස්සු රකුසු වෙස්ගෙන හදවත් නැත්තවුන් සේ ක්‍රියාකරනවා. මිනිස්සු ඒ වෙලාවට හරියට අසරණ වෙනවා.

මේ සිදුවීම්වලට අමතරව තවත් කණගාටුදායක සිදුවීමක් කිරිඳිවැල මාලිගාවත්ත ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා. ඒ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් කළ 08 හැවිරිදි මෙතුජ නැමැති දරුවකුට රටේ වත්මන් අර්බුද තත්ත්වය නිසා ඖෂධ නොමැති වේයැයි බියෙන් ඔහුගේ මවුපියන් ඖෂධ ඉල්ලා ෆේස්බුක් සටහනක් තබා තිබුණා. එවැනි සටහනක් පළ කළේ යැයි උරණවූ එම ප්‍රදේශයේ දේශපාලකයෙක් ඔවුන්ට පහරදීමටයි කටයුතු කර තිබුණේ. ඒ අනුව එම මවුපියන් පහරදීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළ බව වෙබ් අඩවිවල සඳහන් වුණා. සිදුවීම පිළිබඳ එම මවුපියන් මෙවැනි අදහසක්ද පළ කරන්නට කටයුතු කර තිබුණා.

‘රටේ පවතින ආර්ථික අර්බුදය නිසා බෙහෙත් ගැනීමට නොහැකි වේයැයි අපට බය හිතුණා. රුපියල් 5000කට ඉන්දියාවෙන් බෙහෙතක් ගෙන්නන්න වියදමක් දැරුවාම දින දෙකක් යනකොට ඒ බෙහෙත රුපියල් 8000ක් – 8500ක් වෙනවා. මේ දිනවල අන්තර්ජාතික කුරියර් සේවා වැඩකරන්නෙත් නැහැ. ඉන්දියාවට ගිහින් එන කෙනෙක් අතේ තමයි අපට බෙහෙතක් ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. දරුවාට බෙහෙත් නැතිවෙයි කියලා අවදානමක් දැනුණු නිසා තමයි අපි ෆේස්බුක් සටහනක් දැම්මේ…’ යනුවෙන් ඔවුන් පවසා තිබුණා.

ඉදිරියේදී අපේ රටට භයානක ඖෂධ හිඟයකට මුහුණපාන්නට සිදුවන බව බටහිර වෛද්‍යවරුන්ගේ සංගමය පවසා සිටිනවා. ඔවුන් හෙළිදරව් කරන්නේ ඖෂධ නොමැතිකමින් රෝගීන් මහපාරේ මැරී වැටෙන දිනය වැඩි ඈතක නොවන බවයි. විදෙස් සංචිත පහළ යාමත් මෙයට බලපා තිබෙනවා. ඖෂධ ආනයනය කිරීමට ඩොලර් නැහැ. ඉන්ධන නොමැතිකමෙන් රෝහල්වල ශල්‍යකර්මයන් සඳහා භාවිත කරන ඇතැම් යන්ත්‍ර පවා ඇනහිටලා. මේ බාධක හමුවේ අප රටට උපකාර කරන ලෙස වෛද්‍යවරුන්ගේ සංගමය නොයෙක් අංශවලින් ඉල්ලීම් කළත් ඒවාට ප්‍රතිචාර තවමත් ලැබී නැහැ. මෙවැනි තත්ත්වයක් දිගටම පැවතුණහොත් තවත් මාසයකින් පමණ රෝගී ජීවිත දැඩි අවදානමකට පත්විය හැකි බවද වෛද්‍යවරු අනතුරු අඟවනවා.

අද වන විට සෞඛ්‍ය අංශයේ සේවකයන් පවා උද්ඝෝෂණයන්ට එකතුවෙලා. විදේශයන්ගෙන් ණය ආධාර ඉල්ලුවත් ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග තවමත් ලැබිලා නැහැ. සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් කපා හැරලා. ඖෂධ මිල ගණන් ඉහළ යාමෙන් එය දරාගැනීමට නොහැකි වීමෙන් දිළ`ිදු ජනතාව ජීවිත අවදානමකට මුහුණ පානවා. හෘද රෝග, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව ආදී රෝගවලට ගොදුරු වූවන් බෙහෙත් ගැනීමට නොහැකි වීමෙන් මරණයට පත්වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටින්නේ ඖෂධ හිඟයට විසඳුම් සොයන බවයි. ඒත් එම විසඳුම් කටවචනයට පමණක් පත්වෙලා. ඉන්දියාවෙන් සහ සෙසු රටවලින් ආධාර බලාපොරොත්තුවෙන් බලා සිටින්නට අපට සිදුවෙලා. කෙසේ වෙතත් මේ තත්ත්වය යටතේ සෞඛ්‍ය අංශයේ අනාගතය ඉතා අඳුරු විය හැකි බවයි අපට පෙනෙන්නේ.

තමන් මහමෙරක් බලාපොරොත්තුවෙන් මෙලොවට බිහිකළ දරුවකු අහිමි වීම අම්මෙක් තාත්තෙක් කෙසේ නම් දරාගන්නද? මේ ඛේදවාචකයන්ට ඍජුවම වගකිව යුත්තේ අපේ රටේ පාලකයන්. අද වන විට අප රටේ පවතින තත්ත්වය මේය බව කවුරුත් තේරුම්ගත යුතුයි. රට මෙවැනි දරුණු තත්ත්වයකට ඇදවැටෙන්නට වුණේ අපේ රටේ දේශපාලන අස්ථාවර බව සහ බලය අතහැරීමට ඇති අකැමැත්තයි.

ජනතාව විඳින දුක වේදනාව නිමාවන්නේ කවදාද? මේ අර්බුදයෙන් ගොඩ එන්නට ලැබෙන්නේ කවදාද කියා දෑස් යොමා බලා සිටින්නට අපට සිදුව තිබීම අවාසනාවට කරුණකි.

නිලන්ති රේණුකා

Share65Tweet41SendShare16
Previous Post

ගෝඨාගෝගමට ගහපු එක ගැන මහින්දගෙන් ප්‍රකාශයක් ගන්න සියල්ල සූදානම්! නාමල්ට-රෝහිතට-ජොනීටත් එන්න කියයි!

Next Post

පක්ෂ මාරු කරන්න බෑ! ජාතික ලයිස්තුවෙන් එන කෙනෙකුට අගමැති වෙන්න බෑ! මෙන්න 21ට එන්න යන අලුත්ම යෝජනා! සම්මත වුණොත් රනිල් එළියේ! පැනපු එවුනුත් ගෙදර!

MORE NEWS

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)
Exclusive

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)

July 3, 2022
පුටින්ට පිළිකාවක්! ඔපරේෂන් එකට ලෑස්තියි! යුක්රේන් යුද්ධය බුද්ධි ප්‍රධානියාට පවරයි!
Exclusive

රුසියාවට එන්න හිටපු ලංකාවේ නියෝජිතයන්ට රුසියාවම එන්න එපා කියයි!

July 3, 2022
කෑම-බීම-බෙහෙත් ගේන්නවත් ඩොලර් නැතිව තිබියදී තෙල් බාගන්න බැරිව අණ්ඩුව නැව් ‌2කට ඩොලර් මිලියනයක් ප්‍රමාද ගාස්තු ගෙවලා!
Exclusive

කොමිස් ප්‍රශ්නයක්ද? මාෆියාව හෙළිවුණ නිසාද? නැව අමෙරිකාවෙන් ට්‍රැක් කළාද? තුන් පාරක් නැවේ නම වෙනස් කළේ ඇයි? ගෙවපු ඩොලර් මිලියන 46 වතුරේ ගියාද? ලංකාවට එන්න හිටපු තෙල් නැවටත් වුණේ චීන ගූ නැවටම වෙච්ච දේමද? (VIDEO)

July 3, 2022
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!
Exclusive

හොරකම නවත්වන්න! මහබැංකුව ස්වාධීන කරන්න! නීතිය රකින්න! එහෙම නැත්නම් IMF ආධාර නෑ! අමෙරිකාව ලංකාවට අනතුරු අඟවයි! (VIDEO)

July 2, 2022
අවුරුදු 6ක් නිහඬව සිටි ජැක්සන් ඇන්තනිත් කට අරී! අරගලයට ජයවේවා!
Exclusive

වල් අලියකු‌ හැප්පී ජැක්සන් අන්තනී ගිය වාහනය චප්ප වෙයි! ජැක්සන් අනුරාධපුර ‌‌රෝහලට ඇතුළත් කරයි!

July 2, 2022
බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)
Exclusive

බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)

July 2, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)
Exclusive

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)

July 3, 2022

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පළවා හැරීම නිමිති කොටගෙන උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත උයන...

Read more
පුටින්ට පිළිකාවක්! ඔපරේෂන් එකට ලෑස්තියි! යුක්රේන් යුද්ධය බුද්ධි ප්‍රධානියාට පවරයි!

රුසියාවට එන්න හිටපු ලංකාවේ නියෝජිතයන්ට රුසියාවම එන්න එපා කියයි!

July 3, 2022
කෑම-බීම-බෙහෙත් ගේන්නවත් ඩොලර් නැතිව තිබියදී තෙල් බාගන්න බැරිව අණ්ඩුව නැව් ‌2කට ඩොලර් මිලියනයක් ප්‍රමාද ගාස්තු ගෙවලා!

කොමිස් ප්‍රශ්නයක්ද? මාෆියාව හෙළිවුණ නිසාද? නැව අමෙරිකාවෙන් ට්‍රැක් කළාද? තුන් පාරක් නැවේ නම වෙනස් කළේ ඇයි? ගෙවපු ඩොලර් මිලියන 46 වතුරේ ගියාද? ලංකාවට එන්න හිටපු තෙල් නැවටත් වුණේ චීන ගූ නැවටම වෙච්ච දේමද? (VIDEO)

July 3, 2022
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!

හොරකම නවත්වන්න! මහබැංකුව ස්වාධීන කරන්න! නීතිය රකින්න! එහෙම නැත්නම් IMF ආධාර නෑ! අමෙරිකාව ලංකාවට අනතුරු අඟවයි! (VIDEO)

July 2, 2022
අවුරුදු 6ක් නිහඬව සිටි ජැක්සන් ඇන්තනිත් කට අරී! අරගලයට ජයවේවා!

වල් අලියකු‌ හැප්පී ජැක්සන් අන්තනී ගිය වාහනය චප්ප වෙයි! ජැක්සන් අනුරාධපුර ‌‌රෝහලට ඇතුළත් කරයි!

July 2, 2022
බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)

බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)

July 2, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)

July 3, 2022
පුටින්ට පිළිකාවක්! ඔපරේෂන් එකට ලෑස්තියි! යුක්රේන් යුද්ධය බුද්ධි ප්‍රධානියාට පවරයි!

රුසියාවට එන්න හිටපු ලංකාවේ නියෝජිතයන්ට රුසියාවම එන්න එපා කියයි!

July 3, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net