අද පෙරවරුවේ පැවැති කළුතර ශ්‍රීලනිප රැස්වීමකදී ලසන්ත අලගියවන්න මහතා සිදු කළ මෙහෙයුමක් පිළිබදව අප වෙබ් අඩවිය කරුණු වාර්තා කිරීමට පියවර ගත්තෙමු.
එහිදී අප කියා සිටියේ ආණ්ඩුවට එක්වීම සදහා ලසන්ත අලගියවන්න මහතා මෙම ආසන සංවිධායකවරුන් ලවා පක්ෂයට බලපෑම් කිරීමට කටයුතු කර තිබූ බවකි.
නමුත් පුවත පළවූ පසු අප වෙබ් අඩවයට අදහස් දැක්වූ අලගියවන්න මහතා තමන් එවැන්නක් නොකළ බවත්, ආසන සංවිධායකවරුන් කිහිප දෙනකු අද පෙරවරුවේ තමන් සමග කතා කර අදහස් හුවමාරු කර ගත් බවත් කියා සිටියේය.
කෙසේවෙතත් තමන්ට කීමට අවශ්‍ය දේ තමන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට දැනුම් දී ඇති බවද ඒ මහතා සදහන් කර සිටියේය.