සියලුම වර්ගවල ලන්ච් ෂීට් තහනම් කිරීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරයි.
2016 දී එවකට පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලන්ච් ෂීට් තහනම් කිරීම සඳහා පියවර ගෙන තිබුණත් එම තීරණය නිසි ලෙස ක්‍රියාත්මත නොවු බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.
දිනකට මෙරට පරිසරයට බැහැර කෙරෙන ලන්ච් ෂීට් ප්‍රමාණය අවම වශයෙන් මිලියන 10 ඉක්මවනු ඇතැයි දළ වශයෙන් ගණන් බලා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.