බේරුවල පොලිස් ස්ථානයට නුදුරින් වෙරළ තීරයේ තිබී අද (3) උදෑසන ගෙලෙහි කැපුම් තුවාලයක් සහිත නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වූ බව බේරුවල පොලිසිය පවසනවා.
මළ සිරුර අසන්නයේ බුලත් කොලයක් මත දෙහි ගෙඩි කිහිපයක් ද තිබෙනු ඇති බවට නිරීක්ෂණය වූ බවයි බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ.
මෙම මළ සිරුර පිළිබඳ පොලිස් අපරාධ ස්ථාන නිලධාරීන් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.