වර්තමානය වනවිට රටට තෙල් නැවක් පැමිණීම, ගෑස් නැවක් පැමිණීම පවා ‘බ්‍රේකින් නිව්ස්’ එකක් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ රටක ඩොලර් අර්බූදයක් පැන නගින බව පාලකයන් විසින් පුරෝකතනය කොට ඊට සරිලන ආකාරයේ ක්‍රියාමාර්ග ගත යුතු වුවත් වත්මන් පාලකයන් විසින් එවැනි කිසිවක් කර නොමැති බවකි.