රට තුළ උද්ගතව ඇති අර්බුද කිසිවකට විසඳුම් දීමට ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ අද (21) පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කරන බවට ප්‍රකාශ කරමින් සිදුකළ කතාවේදියි.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දීමට අසමත් ජනාධිපතිවරයා වහාම ධුරයෙන් ඉවත් විය යුතු බවයි.