සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 9ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
වයස අවුරුදු 18ට වැඩි සියලූම පුද්ගලයින් සඳහා 2021 සැප්තැම්බර් මස 30 වන දා වන විට එන්නත් කිරීම සදහා මෙසේ එන්නත් ගෙන්වීමට රජය තීරණය කර තිබේ.
මිලියන 14ක ජනගහනයක් සඳහා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු අතර, අගෝස්තු 9 වන දා වන විට එන්නත් මාත්‍රා මිලියන 19.49ක් මෙරටට ලැබී තිබුණු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම එන්නත් තොගයෙන් මාත්‍රා මිලියන 11.26ක් පළමු මාත්‍රාව ලෙස ද එන්නත් මාත්‍රා 3.25ක් දෙවන මාත්‍රාව වශයෙන් ද භාවිත කර ඇත.