කෝවිඩ් වසංගතයත් යුක්රේන-රුසියානු යුද්ධයත් විසින් ඇති කිරීමට නියමිතව තිබුණු ආහාර අර්බුදයට මුහුණ දීම සදහා තම රට කල්වේලා ඇතිව සූදානම් වූ බව බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය පවසයි.
ඒ අනුව, වගා කටයුතු සදහා ප්‍රමුඛතාවය ලබා දුන් බවත්, බංග්ලාදේශයේ කෘෂි පර්යේෂකයන් වැඩි අස්වැන්නක් ලබා දෙන බීජ වර්ග සොයා පර්යේෂණ කළ බවත් ඇය පවසයි.
බංග්ලාදේශය විශාල ජනගහනයක් සිටින රටක් වුවද, දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට සිය අස්වැන්නෙක් කොටසක් පරිත්‍යාග කිරීමට තම රටට හැකිවෙනු ඇති බවද ඈ පවසා සිටියි.
විශේෂයෙන්ම අර්තාපල් අල ලංකාවට සැපයීමට තමන් කටයුතු කරන බව ඈ ඇය පවසා තිබේ.
බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා ඇත්තේ සාක් සංවිධානයේ මහලේකම්, ඇසල රුවන් මහතා හමු වූ අවස්ථාවේ දී ය.
දකුණු ආසියානු කලාපයේ ප්‍රධානතම හතුරා දරිද්‍රතාවය බවත්, ඊට එරෙහිව එක්ව සටන් කළ යුතුව ඇති බවත් සාක් මහලේකම් සමග ඇය පවසා තිබේ.