නීතිය ක්‍රියාත්මක කරන නිළධාරීන් ඉවසීමෙන් සහ සහකම්පනයෙන් යුතුව ක්‍රියා කළ යුතුව ඇතැයි, ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනය කරයි.
ඊයේ දිනයේ දී කුරුණෑගල මාස්පොත ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ, පිස්තෝලයක් අතින් ගත් පොලිස් නිළධාරියෙකු සිවිල් වැසියෙකුට පහර දීමේ සිදුවීම සහ තලංගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක ඇති වූ තත්ත්වය පිළිබදව විශේෂ අවධානය යොමු කරමින් නීතීඥ සංගමය මේ බව පවසයි.
නීතිය හා සාමය සම්බන්ධයෙන් පවත්නා තත්වය පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුවේ නිවේදනය.
නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් දැඩි ඉවසීමෙන් හා වගකීමෙන් යුතුව මහජනයා සමග කටයුතු කිරීම ඉතා වැදගත්ය. රාජකාරි කරන පොලිස් නිලධාරීන් මහජනයා මුහුණදෙන දැඩි පීඩාව පිළිබඳ දැනුවත්භාවයකින් හා අවබෝධයෙන් යුතුව සහ කම්පනයෙන් යුතුව කටයුතු කිරීම අත්‍යවශයය. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් හැමවිටම සාධාරණ සහ අපක්ෂපාතී විය යුතුය. පක්ෂපාතී සහ අසාධාරණ ලෙස පෙනෙන ඕනෑම ක්‍රියාවක් හේතුවෙන් දැනට ද ගොඩනැගෙමින් පවතින අවිශ්වාසය තවත් වැඩිවනු ඇත.