අද පස්වරුවේ බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 14 දෙනකු සමග අගමැතිවරයා හමුවීමට ගොස් 21 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව දීර්ඝ සාකච්ජාවක් පවත්වා ඇති බව දැනගන්නට ඇත.
මෙම සාකච්ජාවට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද සහභාගී වී සිට ඇති බව වාර්තා වේ.
මෙහිදී මන්ත්‍රීවරුන් අගමැතිවරයාගෙන් ප්‍රශ්න කොට ඇත්තේ 21 වන සංශෝධනය කාගේ අවශ්‍යතාව මත රැගෙන එන්නේද යන්න කියයා.
ඔවුන් පෙන්වා දී ඇත්තේ 21 වන සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද දැනුවත් නොමැති බවකි.
එහිදී අගමැතිවරයාද පෙන්වා දී ඇත්තේ 21 සම්බන්ධයෙන් තමන්ද දැනුවත් නොමැති බවකි.
ඒ අනුව පොහොට්ටු මන්ත්‍රීවරු මෙහිදී 21 වන සංශෝධනයට එරෙහිව අදහස් දක්වා ඇති බවක් දැනගන්නට ඇත.
එහිදී විජයදාස රාජපක්ෂ මහතා පවසා ඇත්තේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සදහා ජාත්‍යන්තර බලපෑම් එල්ල වී ඇති බවත්, පසුගිය දිනෙක අමෙරිකානු තානාපතිවරියද පැය 2ක පමණ කාලයක් තමන් සමග සාකච්ජා කළ බවකි.
කෙසේවෙතත් 21 වන සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු අවසන් තීන්දුවක් නොගෙන මෙම සාකච්ජාවද අවසන්ව ඇති බව වාර්තා වේ.