මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට (දෙසැම්බර් 1) ඉන්දියාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
අමාත්‍යවරයා අද රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය.
මෙම සංචාරයේදී රාජපක්ෂ මහතා ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් හමුවනු ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මුදල් හා විදේශ කටයුතු අමාත්‍යවරුන් හමුවීමට බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලුම් කොට ඇති බවද දැනගන්නට ඇත.
මුදල් අමාත්‍යවරයා සමඟ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.