වසර 10ට පසුව බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 50ක වැඩිවීමක් පෙන්වන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන සඳහන් කරයි.
මේ වන විට දිවයින පුරා මදුරුවන් බෝවීමේ බ්‍රිටෝ ඉන්ඩෙක්ස් දර්ශකය 20 ඉක්මවන බවත් මේ තත්ත්වය ඩෙංගු අධිවසංගතයක් දක්වා ගමන් කරන ප්‍රධාන සාධකයක් ලෙස හඳුන්වා දිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
මදුරු බිත්තරයක් වසරකට වැඩි කාලයක් වියළි කාලගුණයක පවතින බැවින් එම බිත්තරයට වතුර වැටුණු විට දින 8 – 10 ඇතුළත නැවත මදුරුවන් පරිසරයට එකතුවන බව නජිත් සුමනසේන සඳහන් කරයි.
මේ අනුව පරිසරයට විශාල වශයෙන් මුදා හැර තිබෙන ප්ලාස්ටික් භාජන හා බෝතල් ඩෙංගු මදුරුවන් බෝවීමට සුදුසුම නිවහන් වී ඇතැයිද හෙතෙම කියයි.
දැනට වැඩ නතර කර ඇති කොන්ක්‍රීට් ස්ලැබ් ද මදුරුවන්ගේ රජදහන් බවට පත්ව තිබෙන බව ඔහු අවධාරණය කරයි.