මාස 3ක කාලයක් ඇතුළත ඩොලරය රුපියල් 300 ප්‍රමාණයට රැගෙන එන බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.
ඊයේ පැවැති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ මහබැංකු අධිපතිවරයා මේබව ප්‍රකාශ කොට තිබේ.
රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබද විමසීම සදහා මහබැංකු අධිපතිවරයාටද මෙම රැස්වීමට පැමිණෙන ලෙස දැනුම් දීමක් කර තිබිණ.
කෙසේවෙතත් මීට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ඩොලරය රුපියල් 450 දක්වා ඉහළ යනු ඇති බවකි.