ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා මේ වනවිට විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ සාකච්ජාවකට එක්ව සිටී.
එම සාකච්ජාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක් එක්ව සිටින ආකාරයක් දැකගන්නට පුලුවන.
චන්දමි වීරක්කොඩි මහතා යනු ගාලු දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයකු වූ අමරසිරි දොඩංගොඩ පවුලෙන් දේශපාලනයට අත්පොත් තැබූවෙකි.
ඒ අනුව ශ්‍රීලනිපයෙන් දේශපාලන ගමන ආරම්භ කළ වීරක්කොඩි මහතා ඉකුත් මහමැතිවරණයේදී පොදුජන පෙරමුණෙන් තරග කොට පාර්ලිමේන්තුවට පිවිසියේය.
පසුව පොදුජන පෙරමුණේ වැඩපිළිවෙළ දැඩිව විවේචනය කළ ඒ මහතා එම පක්ෂයෙන් ඉවත්ව ස්වාධිනව කටයුතු කිරීමට පියවර ගෙන තිබිණ.
