චීනය විසින් ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිත ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමත් සමග එය ඉන්දියාවට තර්ජනයක් විය හැකි බව ඉන්දීය නාවික හමුදාවේ දෙවැනියා වන වයිස් අද්මිරාල් ජී. අශෝක් කුමාර් මහතා ඉන්දීය මාධ්‍ය වෙත සදහන් කොට ඇත.
ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රධානියකු මෙසේ චීනය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ සිදු කළ පළමු අවස්ථාව ලෙස මෙය සැලකේ.
මේ හේතුව මත ඉන්දීය නාවික හමුදාව විසින් ඉන්දීය මුහුදු සීමාවට දැඩිව ආරක්ෂාව යොදා ඇති බවත්, ලංකාවේ සිදුවන කටයුතු දෙස ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් හෙතෙම සදහන් කොට තිබේ.
මෙම තත්ත්වය යටතේ සමස්ත කලාපයේම මුහුදු සීමාවන් සම්බන්ධයෙන් දැඩි ආරක්ෂාවක් යොදා ඇති බවද හෙතෙම මාධ්‍ය වෙත අවධාරණය කොට ඇත.