සැබෑ ජනමතයක් තුළින් වසර පහක් තුළ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය මේ රට අනිවාර්යෙන්ම ගොඩනඟන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආණ්ඩුව අමු අමුවේ ජනමතය උල්ලංඝනය කොට ජනමතයට පයින් ගැසූ බවත් ජනතා ඉල්ලීම් පාවා දුන් බවත් විපක්ෂ නායකතුමා පැවසීය. අසාර්ථක ආණ්ඩුව අද වන විට ඇඳුම් මාරු කරමින්, එක එක චරිත මාරු කරමින් බලය තහවුරු කර ගන්නට උත්සාහ කළත් එයින් මේ රට විනාශ වන ගමන නවතින්නේ නැති බවද පැවසීය. නව ජනමතයක් තුළින් මේ රට ගොඩනැඟිය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා පැලැස්තරවලින් රට ගොඩ නැගිය නොහැකි බවද පැවසීය.
පුවක්පිටිය පෙන්ද්‍රික් වතුයායේ ජනතාව වෙනුවෙන් පානීය නල ජල පද්ධතියක් ලබාදීමේ අවස්ථාවට අද(11) එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.