අදටත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් අල්ලන්නට ආණ්ඩුව සමත් වී නැතැයි ද,අදාළ පරීක්ෂණ කිසිවක් විශ්වාසනීය ලෙස සිදු නොවන්නේ ඇයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මෑතකදී සිදු වූ ග්‍රෙනේඩ් බෝම්බයක් හමුවමේ සිදුවීම පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණවල ස්වභාවය හේතුවෙන්ම අදාල සැකය තවදුරටත් තීව්‍ර්ර වන බවද ඒ මහතා පැවසීය.
අතිඋතුම් කාදිනල් හිමිපාණන් වහන්සේ කරන ඉල්ලීම පවා මායිම් නොකරන ආණ්ඩුව මේ සියල්ල විහිළුවකට ගෙන ඇතැයි පැවසූ විපක්ෂ නායකතුමා, පාස්කු ප්‍රහාරයට මුවාවී බලය ලබාගත් ආණ්ඩුව, අද ඒ සියල්ල අමතක කොට ඇතැයිද පැවසීය.
අද වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතළ සැකයක්,මුළු මහත් සමාජය තුළම නිර්මාණය වී ඇතැයි ද, ආණ්ඩුවේ සැකකටයුතු හැසිරීම සහ අදාළ පරීක්ෂණ පිළිබඳව ඇති මන්දගාමි ස්වරූපය ඒ බව මනාව ඔප්පු කොට ඇතැයි ද විපක්ෂ නායකතුමා පැවසීය.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඇතුළු චූදිතයින් සියලු දෙනාට රට සාධාරණ ස්වාධීන පරීක්ෂණයක් තුලින් ලබාදිය යුතු උපරිම දඬුවම ලබාදීමට තමන් කිසිවිටකත් පසුබට නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ ආණ්ඩුව යටතේ එවැන්නක් බලාපොරොත්තු වීම විහිළුවක් බව ද පැවසීය.
විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ මස්කෙලිය පැවති ජන හමුවකට එක්වෙමිනි.