එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ පටන් අමරකීර්ති අතුකෝරල මහතා දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 48 දෙනකු මේ වන විට ඝාතනයට ලක්ව ඇති බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ මරණය සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කිරීමේ අවස්ථාවේදී අලහප්පෙරුම මහතා සඳහන් කළේ මෙම ඝාතන සියල්ල පිටුපස ඇති දේශපාලනය පිළිබඳ විමසීමට කාලය දැන් උදාවී ඇති බවයි.
එසේම තමන් පිළිබඳවද ශෝක ප්‍රකාශ යෝජනාවක් නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට ඉඩ ඇති බවද ඩලස් අලහප්පෙරුම මහතා අද (11) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.