අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර මතුව ඇති ගැටුම මේ වනවිට උග්‍ර අතට පත්ව ඇති බව මහබැංකු ආරංචිමාර්ග සදහන් කරයි.
එම ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ එහි අලුත්ම සිදුවීම මහබැංකුවට කායවර්ධන උපදේශකයකු බදවා ගැනීම බවකි.
මේ වනවිට එම පුරප්පාඩුව පිරවීම සදහා මහබැංකු අධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබුණද අගමැතිවරයා මැදිහත්ව එය අත්හිටුවා ඇති බව වාර්තා වේ.
නමුත් මහබැංකු අධිපතිවරයා ඉහළ නිලධාරීන්ට පෙන්වා දි ඇත්තේ මහබැංකුවේ වැඩකටයුතුවලට අනිසි මැදිහත්වීම් සිදුකිරීමට අගමැතිවරයාට නොහැකි බවකි.
ඒ අනුව කායවර්ධන උපදේශකවරයාගේ පත්වීම සිදු කරන ලෙසට මහබැංකු අධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවද දැනගන්නට තිබේ.
මහබැංකු අධිපතිවරයාගේ සේවය දීර්ඝ කිරීමට නියමිතව ඇත්තේ ලබන 30 වැනි දිනය.