දින 3ක් ඇතුළත 6 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාටත් කොරෝනා ආසාදනය වෙමින් මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාට කොරෝනා ආසාදනය වී ඇත.
ඊයේ දිනයේ දිලුම් අමුණුගම සහ රෝහිණී කවිරත්න යන දෙදෙනා ආසාදිතව ඇති බව තහවුරු වූ අතර පෙරේදා දිනයේදී සාරතී දුෂ්මන්ත සහ කෝකිලා හර්ෂණී ගුණවර්ධන යන අයටද රෝගය වැලදී තිබිණ.
එමෙන්ම නාලක බණ්ඩාර කෝට්ටගොඩටද කොරෝනා ආසාදනය වී තිබිණ.