යල කන්නය සඳහා පොහොර ආනයනය කිරීමේදී ජාත්‍යන්තර පොහොර සැපයුම්කරුවන් මෙරට බැංකුවල ණයවර ලිපි සම්බන්ධව විශ්වාසය අඩුවීම නිසා ජාත්‍යන්තර බැංකුවක අනුකූලතා සහතිකයක්ද ඉල්ලා සිටින බව පොහොර ආනයන සමාගම්වල නියෝජිතයෝ පවසති.
මෙම තත්ත්වය නිසා යල කන්නය සඳහාද පොහොර ආනයනය කිරීමේ බරපතළ අර්බුදයක් මතුවී ඇතැයි ඔවුහු පවසති.
පොහොර ආනයනය සඳහා සමාගම්වලට මහ බැංකුවෙන් මෙතෙක් ඩොලර් නොලැබුණු බවත්, දේශීය බැංකුව ගෙවීම් පැහැර හැරියහොත් විදේශ බැංකුවෙන් මුදල් ගෙවිය හැකි පරිදි ඇපකරයක් පොහොර සැපයුම්කරුවන් ඉල්ලා සිටින බවත්, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් පහත වැටීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇතැයිද ඔවුන් කියයි.
දේශීය බැංකුවලින් ලබාදෙන ඇපකර පිළිනොගන්නා තත්ත්වයක් උද්ගතවීම නිසා ඉදිරි යල කන්නයේදී පොහොර සැපයීම අවිනිශ්චිත බවද සමාගම් නියෝජිතයන් සඳහන් කරයි.
ඉදිරි යල කන්නය සඳහා පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂයත් ලක්ෂ එකහමාරත් අතර ප්‍රමාණයක් පැවතිය යුතු වූවත්, සමාගම්වල ඇත්තේ දළ වශයෙන් මෙට්‍රික් ටොන් දස දහසක පමණ ඉතා සුළු පොහොර ප්‍රමාණයක් බවත්, සමාගම් සතුව යූරියා පොහොර නොමැති බවද ඔවුන් කියයි.