ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ජාතිය අමතා කළ කතාවේ ප්‍රශ්නගත තැන් රැසක් පැවති බව දෙරණ රූපවාහිනියේ පුවත්පත් වැඩසටහන මෙහෙයවන චතුර අල්විස් සදහන් කර සිටියේය.
එහිදී චතුර අල්විස් කියා සිටියේ අදාල විඩියෝවේ හඬ, රූප සහ ස්ථානගත කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නගත තැන් බොහෝමයක් එහි තිබු බවත් එම කතාව ඉතා දීර්ඝ කතාවක් බවත්ය.
එමෙන්ම එහි තිබූ තාක්ෂණික දෝෂයන් සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය ඉදිරියේදී අවධානය යොමු කර ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටියේය.