පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ රාජකාරියේ නිරත වී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමග ගැටුමක් ඇතිකරගෙන ඔවුන්ගේ රාජකාරියට බාධාකිරීම සම්බන්ධයෙන් පොලිසියට භාරවූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයා සහ ලේලිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මහේෂ් වාකිෂ්ඨ මහතා අද නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ තංගල්ල හිටපු නගරාධිපති රවිදු වෙදආරච්චි සහ ඔහුගේ බිරිද වන නෙත්මි හරින්දි නැමති දෙදෙනාය.