සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා හා ඔහුගේ බිරිඳ පොලිසිය සමඟ ඇතිකරගත් ගැටුම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ පොලිස් කණ්ඩායමක් ඔවුන් සිටින නිවසට ගොස් ඇති නමුත් පුත්‍රයා සහ බිරිඳ එහි සිට නොමැති බවයි.
ඔවුන් පොලීසිය මඟහරිමින් ප්‍රදේශයෙන් පළාගොස් සැගවී සිටින බව වීරකැටිය පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.
අනාරක්ෂිත ලෙස ශීතකරණයක් කැබ් රථයක පටවාගෙන අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවෙන් කොළඹ දෙසට ඇතුලුවීමට පැමිණි අවස්ථාවේදී රියදුරු සහ කාන්තාව ප්‍රකොපවී සාපරාධී බලහත්කාරය පා එහි සිටි සැරයන්වරයාගේ රාජකාරියට බාධා කර පරුෂ වචන කියමින් පහරදීමට තැත්ත කර ඇති බවයි පොලීසිය පැවසුවේ.