21 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී සභානායකවරයා වන දිනේෂ් ගුණවර්ධන මහතා එක් ප්‍රශ්නයක් පමණක් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගෙන් විමසා ඇති බව වාර්තා වේ.
එම ප්‍රශ්නය වී ඇත්තේ විපක්ෂ නායකවරයා තෝරන්නේ කෙසේද යන්නය.
විපක්ෂයේ සිටින වැඩිම මන්ත්‍රීවරුන් ගණනක් සහිත පක්ෂයේ නායකයා විපක්ෂ නායකවරයා වශයෙන් තෝරා ගන්නේද, එසේත් නැත්නම් වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් කැමැති මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයා ලෙස තෝරාගන්නේද යන්න සම්බන්ධයෙන් නිර්වචනයක් 21 වන ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු බව එහිදී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කොට ඇත.