පුද්ගලයන් නිරපරාදේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්‍ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද කුරුදුවත්ත පොලිසියට දැඩිව අවවාද කිරීමට පියවර ගත්තේය.
ඒ අන්තරේ උද්‌ඝෝෂණයට සහභාගී වී සිටි විශ්වවිද්‍යාල තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන කුරුදුවත්ත පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ට ඇප ලබා දෙමිනි.
යමෙකු අත්අඩංගුවට ගත යුත්තේ ඔහුට විරුද්ධව චෝදනා ඉදිරිපත් කළ හැකි නම් පමණක් බව කී මහේස්ත්‍රාත්වරයා රටේ ජනතාවට භාෂණයේ සහ උද්ඝෝෂණයේ අයිතිය ලබා දී ඇත්තේ පොලිසියට අවශ්‍ය ලෙස ඒවා උල්ලංඝණය කිරීමට නොවන බවකි.