පවතින නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට තීරණය කරන විට රට සම්පූර්ණයෙන් විවෘත නොකරන ලෙස සෞඛ්‍ය බලධාරීන් රජයට අවධාරණය කර තිබේ.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ රට එකවර විවෘත කළ යුතු යැයි නිර්දේශ නොකරන බවයි.
“රට සම්පුර්ණයෙන්ම විවෘත කිරීමට යන්නේ නම්, තත්වය වඩාත් නරක අතට හැරවිය හැකි සිදුරු තිබිය හැකිය,” යනුවෙන් ඔහු අවධාරණය කළේය.
“එබැවින්, කොවිඩ් රෝගීන් ඇතිවීමට හේතු විය හැකි අවදානම් සාධක තිබේ දැයි බැලීමට සෙමෙන් රට විවෘත කිරීම ඉතාමත් යෝග්‍ය සහ ඉහළින්ම නිර්දේශ කරන” බව වෛද්‍ය හේරත් මහතා පැවසීය.