නිවාස අධිකාරියේ නිලධාරීන් වැඩ නොකරන බවත්, අද රටට විශාල ප්‍රශ්නයක් වී ඇත්තේ මේ වැඩ නොකිරීම බවත් එම අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා පැවසීය.
මහනුවර දී පැවති නිවාස වැඩසටහනක් ඉන් පසු මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
තමනට නිවාස අධිකාරිය බාර දී ඇත්තේ කැප වී වැඩ කරන නිසා බවද කී ඔහු දැන් නිවාස අධිකාරිය කඩිසර ආයතනයක් වී ඇති බවත් ඉදිරි කාලයේදී නිවාස 70,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා පවසයි.
වර්තමානයේ උද්ගත වී ඇති පොහොර ගැටළුව සම්බන්ධයෙන් ද ඒ මහතා එහිදී අදහස් පළ කරන ලදී.