• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, July 3, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

May 28, 2022
in Exclusive, Mahawanshaya
A A
දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

ලක්බිම විවිධ යුගයන්හි විවිධ ජාතීන්ට විවිධ අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවිය. ඒ ඇතැම් අවස්ථාවන්හිදී මෙරට පාවාදෙන්නන්ගේම වරදින් මේ උතුම් හෙළ බිම විවිධ ජාතීන්ගේ යටත් විජිතයක් බවටත්, තවත් විටෙක මෙහි විවිධ පළාත් පිට දේශක්කාර පාලකයන්ගේ බලයටත් යටත් විය. එක්සේසත් රටක් ලෙස තිබූ සිය මවු පොළොව එලෙස කැඩී බිඳී කොටස් බෙදෙනවාට එදා මෙදාතුර කාලයේ මවු බිමට ආදරය කළ බොහෝ දෙනක් අකැමැති වූහ. තම මවු පොළොව මත හිඳ පරදේශක්කාරයන්ට හිස නමන්නට ඒ අභීත හෙළයහෝ අකැමැති වූහ. ඔවුහු සෑම විටම නැගී සිටියේ එනිසාය.

කිනම් පාවාදෙන්නාගේ වරදින් හෙළ බිමේ එක්සේසත් බව ගිලිහී ගියද යළි මේ රට එක්සේසත් කරන්නට හෙළයකුම ඉදිරිපත් විය. එලෙස විවිධ අවස්ථාවන්හි රට අනතුරේ වැටුණු සෑම විටම රට එක්සේසත් කරන්නට හෙළ වීරයකු පෙරමුණ ගත්තේය. එලෙස පෙරමුණ ගෙන මවුබිම එක්සේසත් කිරීම උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුණේය. අවසානයේ ලෙයින් කඳුළින් දහඩියෙන් කැපවී මවුබිමේ ඒකීයභාවය ආරක්ෂා කොට එක්සේත් කරන්නට ඒ විරුවන්ට හැකියාව ලැබිණි.

එදා මෙදාතුර ඉතිහාසයේ එවන් විරුවන් කිහිප දෙනකු ගැනම අසන්නට ලැබුණත් ඒ අතරින් දුටුගැමුණු මහරජු ගැන ඇති කතිකාව ප්‍රධාන වෙයි.

එකල මෙරට පාලන බලය බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටි එළාර රජුගේ දුර්දාන්ත පාලනය හේතුවෙන් ජනයාට උරුමවී තිබූ ඛේදනීය තත්ත්වය ගැන ඉතා කනස්සල්ලෙන් පසුවූ ගැමුණු කුමරු රාජ්‍යත්වයට පෙර සිටම එළාරගේ මේ නොමනා පාලනය ගැන විරසකව සිටි අයෙකි. නිතර නිතර සිය පිය රජුට එළාරට එරෙහිව සටන් කරන්න යැයි බල කළද එහි පලක් නොවූ තැන රජ මාලිගයෙන් පවා පිටව ගිය ගැමුණු කුමරු රාජ්‍යත්වයට පත්වූයේම මේ රට එළාරගෙන් මුදාගෙන එක්සේසත් කරමියි සපථ වෙමිනි.

පොරොන්දු පරිදිම ඔහු එම කටයුත්ත හරියටම කළේය. සිය බුද්ධියත්, වීරෝදාර රණ ශූරයන් මනාව උපයෝගී කරගනිමින් ලක්බිම එක්සේසත් කළ දුටුගැමුණු රජු එයින් නොනැවතී මෙරට ජනයාගේ හිතසුව පිණිස ආගමික හා ශාසනික සේවාවන් රැසක්ද ඉටු කළේය. එම සේවාවන් අතරින් අද්විතීය ස්ථානයක් රුවන්වැලි සෑය ඉදිකිරීමට හිමිවන අතර විශ්වය පවතින තාක්කල් පවතින ආකාරයේ අග්‍රගණ්‍ය නිමැවුමක් ලෙස සැලකෙන රුවන්වැලි මහා සෑය වැනි විශිෂ්ට වූ දායාදයක් බෞද්ධ ජනයාට ලබාදීමට හැකි එක්සේසත් රටක් ගොඩනැගීම උදෙසා සෑම යුදමය කටයුත්තකදීම ගැමුණු කුමරුට ශක්තියක් ආරක්ෂාවක් වූ රන් කඩුව සුරක්ෂිතව ඇති අපූරු පුදබිමක් පිළිබඳ හෝඩුවාඩුවක් ලැබී ඇතැයි පැවැසුවහොත් ඔබ පුදුම වනු ඇත.

එම පුදබිමට යෑමට හලාවත සිට පුත්තලම දෙසට කිලෝමීටර් හතකට ආසන්න දුරක් ගමන් කරද්දී දකුණුපසින් හමුවන ආණමඩුව මාර්ගය ඔස්සේ කිලෝමීටර් දොළහක් පමණ යායුතු වෙයි. දුටුගැමුණු රජුගේ දසමහා යෝධයන් අතරින් කැපීපෙනෙනා වීරත්වයක් හිමි යෝධයකු සේ සැලකෙන නන්දිමිත්‍ර යෝධයා මේ විහාරය කරවූ බවට තොරතුරු හෙළිවන අතර එම කටයුත්ත ක්‍රිස්තු පූර්ව 169-131 අතර කාලයේ සිදුකරන්නට ඇති බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.

එළාරට එරෙහි සටන ඉතා සාර්ථකව අවසන් කර තුන් සිංහලය එක්සේසත් කරන්නට හැකි වීමෙන් පසු තමන්ට එම කටයුත්ත කරන්නට ශක්තියක් වූ දසමහා යෝධයන්ට කළගුණ සැලකීමට ගැමුණු රජු ගත් තීරණයට අනුව ඔවුන්ට ගම්වර තිළිණ කෙරෙන අතර නන්දිමිත්‍ර යෝධයාට සිය උපන් ගම වන මෙම පල්ලම ප්‍රදේශයේම එනම් දැදුරු ඔයෙන් උතුරු කොටසින් අක්කර 4,000ක් ලබාදී තිබේ. පසුව ඔහුට දැදුරු ඔයෙන් උතුරුබඩ ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයකු ලෙස කටයුතු කරන්නට ගැමුණු රජුගේ අවසර ලැබී ඇත.

කෙසේ නමුත් නන්දිමිත්‍ර සිය උපන් ගම වන පල්ලම ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම නන්දිමිත්‍රාරාම නවවංගු විහාරය විශේෂිත කරුණු කාරණා රාශියකින් සමන්විත වෙයි.

මෙම විහාරය පිහිටි බිම අතීතයේ කඩොල් ඇතු ගාල් කළ ස්ථානයක් ලෙසත් යුද ජයග්‍රහණය ලද මොහොතේ ජයපැන් පානය කළ ස්ථානය ලෙසත් සලකන අතර නන්දිමිත්‍ර සිය සහෝදරයන් නවදෙනා සිහිවීම උදෙසා අංග නවයකින් යුත් නෙලුම් මලක් මත මෙම චෛත්‍යය ඉදිකර ඇති බවයි කැණීම්වලින් හෙළිවී ඇත්තේ. එමෙන්ම මෙම ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේද රුවන්මැලි සෑය ඉදිකිරීම ආරම්භ කළ දිනට පසු දින බවයි පැවසෙන්නේ.

අතීතයේ වර්ග කිලෝමීටර් 146කින් යුක්තව විශාල විහාර භූමියක්ව පැවැති බවට පැවසුණද වර්තමානයේ එය වෙනස් වී තිබේ. කෙසේ නමුත් මෙම නන්දිමිත්‍රාරාම නවවංගු විහාරය සුවිශේෂ වන ප්‍රධානම කාරණාව වන්නේ මෙහි පිහිටි දාගැබේ එදා දුටුගැමුණු රජු භාවිත කළ රන් කඩුවක්, කඩොල් ඇතුට පැලැන්දූ රන් දම්වැලක් තැනැපත් කොට ඇති බවට වූ විශ්වාසයයි. තවද මෙම දාගැබේ පාදම වංගු නවයකින් ඉදිකර සහෝදරයන් නවදෙනා සිහිවීම සනිටුහන් කර ඇති බවත් පැවසේ. එනිසාම මෙය නන්දිමිත්‍රාරාම නවවංගු විහාරය ලෙසින් නම්කර ඇති බවද සැලකේ. මේ වන විට ගරාවැටීමට ලක්ව ඇතත් අවට කරන ලද කැණීම්වලින් හමුවූ ශෛලමය කොටස්වලින් මෙම ස්ථානය අනුරාධපුර යුගයට අයත් බවට හඳුනාගෙන තිබේ.

එකල මෙහි දෙමහල් ගොඩනැගිලි සහ තවත් ගොඩනැගිලි රාශියක් තිබී ඇති බවට තොරතුරු හෙළිවන අතර අතීතයේ මේ විහාරයට අයත්ව තිබුණා යැයි සැලකෙන අසල ඉඩමකින් ජීවමාන ප්‍රමාණයේ පිත්තල ප්‍රතිමාවක් හමුවී ඇති බවත් පැවසෙනවා. එය මිහිඳු හිමියන්ගේ බවටයි පැවසෙන්නේ.

ඒ සියල්ලටම අමතරව මේ විහාර භූමියේ කරන ලද කැණීම්වලින් දිය නොසිඳෙන පොකුණු ඇතුළු පුරාවිiා වටිනාකම් සහිත ස්ථාන රාශියක් හඳුනාගෙන තිබේ. එමෙන්ම එදා දසමහා යෝධයන්ගේ සුවිශේෂ හැකියාවන් ගැන මනාව කියාපාන ගල් කණු රාශියක්ද මේ බිමේ දැකිය හැකි වේ. ඒ සියල්ල සමග අදටත් මෙහි දාගැබ අසල දක්නට ඇති ගල්පතුර ගැනද සුවිශේෂ කතාවක් වෙයි. එනම් නන්දිමිත්‍ර මේ විහාර කාර්යයට සිය ශ්‍රමයෙන්ද දායකත්වය ලබාදී ඇති අතර දුටුගැමුණු රජු කලුරිය කළ පුවත ඔහුට ලැබෙන විට ඔහු විහාරයේ අවශ්‍යතාවක් සපුරන්නට මෙම ගල් පොත්ත ඔසවාගෙන යමින් සිට ඇති අතර එම ශෝකජනක පුවතට සංවේදී වූ නන්දිමිත්‍ර අතින් ගල් පොත්ත අතහැරී තිබේ. පසුව එම ගල් පතුර සිහිවටනයක් ලෙස එලෙසම තැබූ බවටත් මතයක් පවතී.

කෙසේ නමුත් ලක් පොළොවේ එක් තීරණාත්මක යුගයකදී එකී අභියෝග ජයගෙන ලක් දෙරණ එක්සේසත් කරන්නට වීර නරපතියකුට ශක්තියක් වූ ඒ රන් කඩුවට හිමිවනුයේ සුවිශේෂ අගයකි. එහි අගය නිසාම නන්දිමිත්‍රාරාම නවවංගු විහාරයට හිමිවනුයේද විශේෂ ස්ථානයකි. මෙවන් පූජනීය වටිනා ස්ථාන අනාගතයට ආරක්ෂා කිරීම අප කාගේත් වගකීමක් බව සිතීම හැමගේ යුතුකමකි.

කුමාර රත්නායක

Share413Tweet258SendShare103
Previous Post

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

Next Post

අගමැතිකම විතරක් වෙනස් කළාට දේශපාලන ස්ථාවරත්වයක් එන්නේ නෑ! ජාත්‍යන්තරය පිළිගන්නෙත් නෑ! තවමත් ආණ්ඩුව කරන්නේ රාජපක්ෂලා! ගෝඨයි රනිලුයි දෙන්නම අයින් වෙලා වහාම මහමැතිවරණයකට යන්න! දෙමළ සන්ධානය ආණ්ඩුවට දැනුම් දෙයි!

MORE NEWS

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)
Exclusive

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)

July 3, 2022
පුටින්ට පිළිකාවක්! ඔපරේෂන් එකට ලෑස්තියි! යුක්රේන් යුද්ධය බුද්ධි ප්‍රධානියාට පවරයි!
Exclusive

රුසියාවට එන්න හිටපු ලංකාවේ නියෝජිතයන්ට රුසියාවම එන්න එපා කියයි!

July 3, 2022
කෑම-බීම-බෙහෙත් ගේන්නවත් ඩොලර් නැතිව තිබියදී තෙල් බාගන්න බැරිව අණ්ඩුව නැව් ‌2කට ඩොලර් මිලියනයක් ප්‍රමාද ගාස්තු ගෙවලා!
Exclusive

කොමිස් ප්‍රශ්නයක්ද? මාෆියාව හෙළිවුණ නිසාද? නැව අමෙරිකාවෙන් ට්‍රැක් කළාද? තුන් පාරක් නැවේ නම වෙනස් කළේ ඇයි? ගෙවපු ඩොලර් මිලියන 46 වතුරේ ගියාද? ලංකාවට එන්න හිටපු තෙල් නැවටත් වුණේ චීන ගූ නැවටම වෙච්ච දේමද? (VIDEO)

July 3, 2022
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!
Exclusive

හොරකම නවත්වන්න! මහබැංකුව ස්වාධීන කරන්න! නීතිය රකින්න! එහෙම නැත්නම් IMF ආධාර නෑ! අමෙරිකාව ලංකාවට අනතුරු අඟවයි! (VIDEO)

July 2, 2022
අවුරුදු 6ක් නිහඬව සිටි ජැක්සන් ඇන්තනිත් කට අරී! අරගලයට ජයවේවා!
Exclusive

වල් අලියකු‌ හැප්පී ජැක්සන් අන්තනී ගිය වාහනය චප්ප වෙයි! ජැක්සන් අනුරාධපුර ‌‌රෝහලට ඇතුළත් කරයි!

July 2, 2022
බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)
Exclusive

බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)

July 2, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පළවා හැරීම නිමිති කොටගෙන උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත උයන...

Read more
පුටින්ට පිළිකාවක්! ඔපරේෂන් එකට ලෑස්තියි! යුක්රේන් යුද්ධය බුද්ධි ප්‍රධානියාට පවරයි!

රුසියාවට එන්න හිටපු ලංකාවේ නියෝජිතයන්ට රුසියාවම එන්න එපා කියයි!

July 3, 2022
කෑම-බීම-බෙහෙත් ගේන්නවත් ඩොලර් නැතිව තිබියදී තෙල් බාගන්න බැරිව අණ්ඩුව නැව් ‌2කට ඩොලර් මිලියනයක් ප්‍රමාද ගාස්තු ගෙවලා!

කොමිස් ප්‍රශ්නයක්ද? මාෆියාව හෙළිවුණ නිසාද? නැව අමෙරිකාවෙන් ට්‍රැක් කළාද? තුන් පාරක් නැවේ නම වෙනස් කළේ ඇයි? ගෙවපු ඩොලර් මිලියන 46 වතුරේ ගියාද? ලංකාවට එන්න හිටපු තෙල් නැවටත් වුණේ චීන ගූ නැවටම වෙච්ච දේමද? (VIDEO)

July 3, 2022
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!

හොරකම නවත්වන්න! මහබැංකුව ස්වාධීන කරන්න! නීතිය රකින්න! එහෙම නැත්නම් IMF ආධාර නෑ! අමෙරිකාව ලංකාවට අනතුරු අඟවයි! (VIDEO)

July 2, 2022
අවුරුදු 6ක් නිහඬව සිටි ජැක්සන් ඇන්තනිත් කට අරී! අරගලයට ජයවේවා!

වල් අලියකු‌ හැප්පී ජැක්සන් අන්තනී ගිය වාහනය චප්ප වෙයි! ජැක්සන් අනුරාධපුර ‌‌රෝහලට ඇතුළත් කරයි!

July 2, 2022
බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)

බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)

July 2, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)

July 3, 2022
පුටින්ට පිළිකාවක්! ඔපරේෂන් එකට ලෑස්තියි! යුක්රේන් යුද්ධය බුද්ධි ප්‍රධානියාට පවරයි!

රුසියාවට එන්න හිටපු ලංකාවේ නියෝජිතයන්ට රුසියාවම එන්න එපා කියයි!

July 3, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net