තම සමාගම රෝහල්වල ඖෂධ බෙදා හැරීම සදහා නිර්මාණය කළ මෘදුකාංගයට රුපියල් මිලියන 645ක් ගෙවූ බවට කෝප් කමිටුවේ සදහන් වුවද තමන්ට ලැබුණේ රුපියල් මිලියන 223ක් පමණක් බව e-wis සමාගමේ සභාපති සංජීව වික්‍රමනායක මාධ්‍ය හමුවක් කැදවමින් අනාවරණය කර සිටියේය.
මෙම චෝදනාව හරහා තම සමාගම බරපතළ අසීරුතාවකට පත්ව සිටින බවද ඒ මහතා සදහන් කර සිටියේය.