• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, June 26, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ගැබිනි මව්වරුන්ට වහ පොවපු හැටි මෙන්න…

June 15, 2022
in Exclusive
A A
ගැබිනි මව්වරුන්ට වහ පොවපු හැටි මෙන්න…

පහුගිය දිනෙක ශ්‍රී ලංකාවෙ ප්‍රධාන පෙළේ වෙබ් අඩවි ඇඟ හිරිවැටෙන ප්‍රවෘත්තියක් වාර්තා කොට තිබුණේය. ඒ ප්‍රවෘත්තිය දළ වශයෙන් මෙසේය. බාල බෙහෙත් ගැබිනි මවුවරුන්ට දී ඇති බව එහි අන්තර්ගතයයි. ගර්භණී මවුවරුන්ට සහ ඇතැම් රෝගීන්ට ලබාදෙන ෆෝලික් ඇසිඩ් පෙති කෝටි 55,2458කට වැඩි ප්‍රමාණයක් කල් ඉකුත්වීම හේතුවෙන් ඉවත් කර ඇතත්, ඒවා මේ වන විට රෝගීන්ගෙන් 98%කට ලබාදී ඇති බවත් මේ ප්‍රවෘත්තිය හරහා වාර්තා විය. කෝටි 55,248ක් යනු මිලියන 5,52,452කි. මේ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරකසභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවේ සඳහන්ව ඇති බව එම වෙබ් අඩවි වාර්තා කොට තිබිණි. එම සිදුවීමට පසුබිම් කතාව සහ පෙර කතාව මෙසේය. එම වාර්තාවේ දැක්වෙන අන්දමට මේ පෙති මිලදී ගෙන ඇත්තේ 2013, 2014 සහ 2015 යන වර්ෂ සඳහාය. ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් කෝටියකට ආසන්නය. මෙම බෙහෙත් වර්ග අදාළ වර්ෂවල භාවිතයේදී අවශ්‍ය නොවුණු සහ රෝගීන්ට ලබා නොදුන් ඒවා වන අතර, ඒවා කල් ඉකුත් වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කොට තිබේ. මේ අතර රුපියල් ලක්ෂ 40කට ආසන්න වටිනාකමකින් යුත් එන්නත් තොගයක්ද මේ ආකාරයෙන්ම භාවිතයෙන් ඉවත් කරන ලද බෙහෙත් අතරට එක්ව තිබිණි. 2016 වසරේදී චක්‍රලේඛ නිකුත් කරන විට මෙම බෙහෙත්වල සහ එන්නත්වල ජීව කාලය අවසන්ව තිබූ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරකසභාව තොරතුරු අනාවරණ කරගෙන ඇත. නමුත් මේ වන විට එම එන්නත්වලින් 99%කුත්, බෙහෙත්වලින් 98%කුත් භාවිත කොට ඇති බව එම පාර්ලිමේන්තු කාරකසභාවේදී දැනගන්නට ලැබී තිබේ.

කෝප් කාරකසභාවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් පවසා තිබුණේ ඖෂධ ලැබුණු වහාම තත්ත්වයෙන් අසමත් බව හඳුනාගැනීමේ ක්‍රමවේදයක් පවතී නම් අලාභය සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමේ හැකියාව ඔවුන්ට තිබුණු බවය. රජයේ ඖෂධ නීතිගත සංස්ථාවට ඖෂධ වර්ග 60ක තත්ත්වය පරීක්ෂා කරගත හැකි නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන බව මෙම කමිටුව පෙන්වාදී තිබේ. කෙසේ නමුත් ප්‍රශ්නය වන්නේ මෙම ආණ්ඩුව බලයට එන්නේම ගැබිනි මවුවරුන් ගැන කියාගෙනය. ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ බොහෝ තර්ක විතර්ක සහිතවය. ආණ්ඩුවට බලයට එන්නට පෙර සිටම වඳ පෙති, වඳ කොත්තු වැනි විවිධ නාට්‍ය පෙන්වා තිබුණේය. වඳ පෙති නිසා ජාතිය වඳව යන බවත්, වඳ කොත්තු බොහෝ කඩවල විකිණීමට ඇති බවත් ඔවුන් නිතර නිතර තැන් තැන්වල කීවේය. ඒ පිළිබඳ ප්‍රවෘත්ති පළවිය. සමාජ ජාල නිතරම වාර්තා කළේය. එසේ වාර්තා කළේ නිකම්ම නොවේ. පින්තූර සහිතව සමහර කතන්දර අපටද අසන්නට දකින්නට ලැබුණේය. එසේම කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙක් සම්බන්ධව ඉතා බරපතළ සහ අවර ගණයේ චෝදනාවක් එල්ල කරමින් ඔහු පැලෝපීය නාළ අවහිර කර දරුවන් ලැබීමේ අවස්ථාව මවුවරුන්ට අහිමි කළ බවට තර්කයක් නිර්මාණය කළේය. එම තර්කය සමග ඔහුගේත්, ඔහුගේ පවුලේ අයගේත් සාමාන්‍ය ජීවිතය පවා බරපතළ අර්බුදකාරී තත්ත්වයකට ඇද දැමූ ආණ්ඩුව දරුවන් ගැනත්, ගැබිනි මවුවරුන් ගැනත් අනුකම්පාව ප්‍රකාශ කරමින් බලය ලබාගත්තේය. විශේෂයෙන්ම කුරුණෑගල රෝහලේ මෙම වෛද්‍යවරයා සම්බන්ධව ඡන්ද ප්‍රතිඵල පළවෙන්නාක් සේ රටේ එක්තරා ප්‍රධාන පුවත්පතක් දිනපතා පුවත් පළ කළේ අද වන විට ගැබිනි මවුවරුන් මෙපමණ ප්‍රමාණයක් පොලිසියට පැමිණිලි කර ඇති බව කියමින්ය. නමුත් අවසානයේදී දැන් අහන්නට දකින්නට ලැබෙන්නේ ගැබිනි මවුවරුන්ට හෝ දරුවන්ට අවශ්‍ය කරන බෙහෙතවත් දීගන්නට බැරි අසමත් ආණ්ඩුවක කතන්දරයයි. අසමත් බව කෙසේ වෙතත් අසමත් බව ඉක්මවා යන මේ නොසැලකිලිමත් බව නිසා ඇති විය හැකි බරපතළ තත්ත්වය නිර්මාණය වන්නේ තව මොහොතකින් පැයකින් දෙකකින් නොව, වසර දෙක තුනකින් විය හැකිය. මේ කල් ඉකුත් වූ බෙහෙත් භාවිතයට නුසුදුසු ඖෂධ මෙසේ මවුවරුන්ට ලබාදීමෙන් හානිය සිදුවන්නේ ගැබිනි මවට පමණක් නොව, මෙලොවට බිහිවන්නට ඉන්නා කිරිකැටියාටත්ය. එසේ නම් මේ විනාශ කරන්නේ මවගේ පමණක් නොව, දරුවාගේද අනාගතයයි. දරුවාගේ අනාගතය යනු රටේ අනාගතයයි. දරුවන් වැඩිහිටියන් වී මේ රට යළි ප්‍රතිසංස්කරණය කොට රට, රටක් ලෙස රැකගන්නට ඔවුන් සෞඛ්‍යාරක්ෂිත විය යුතුය. නමුත් මේ දේශපාලකයෝ තමන්ගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් නිසා සහ රාජ්‍ය සේවකයෝ තමන්ගේ අතිශය නොසැලකිලිමත්කම නිසා වගේම තමන්ට ලැබෙන කීය හෝ කොමිස් මුදල නිසා බොඳ කරන්නේ රටේ ඊළඟ සිහිනයයි. මේ ඖෂධ මාෆියාවෙන් පීඩාවට පත්වූවන් කවුදැයි සොයා බලන්නට අපි රටේ බලධාරීන්ට මතක් කරමු.

පහුගිය දිනෙක අසන්නට ලැබුණේ උණට සෙම්ප්‍රතිශ්‍යාවට දරුවන්ට ලබාදෙන ඖෂධ නාමයක් සහිත සිරප් වර්ගයක්ද මෙසේ කල් ඉකුත්ව ගොස් ඇති බවත්, එම ඖෂධ ඇතැම් රෝහල්වලට ලබාදෙමින් ඇති බවත්ය. රෝහලේදී අපට ලබාදෙන්නේ දිනයක් කාලයක් වකවානුවක් සඳහන් නොකරන ලද පැකට්ටුවක් හෝ වෙනත් ආවරණයක් රහිත සාමාන්‍ය බෙහෙත් පෙති සහ අප විසින් ලබාදෙන බෝතලයකට ලබාදෙන සිරප් වර්ගයි. ඒවායේ දින වකවානු පිළිබඳ අපට අවබෝධයක් නැත. එසේම බෙහෙත් වර්ගයක රස වෙනස් වීම හෝ සුවඳ වෙනස් වීම නිසා එය කල් ඉකුත්ව ඇති බවක්, භාවිතයට නුසුදුසු බවක් සොයා ගන්නට තරම් අප දැනුවත් නැත. ඒ නිසා බෙහෙත් සහ රටේ අනාගතය සම්බන්ධව බලා කියාගන්නා ලෙස දැන් කියන්නට ඇත්තේ දෙවියන්ට පමණි.

ජීවන පහන් තිළිණ

Share67Tweet42SendShare17
Previous Post

ගෝඨාව භෞතීස්ම කරපු වියත්මගේ සෙට් එක ඔන්න කහපාටින් ආයෙත් එන්න එනවලු! රැවටෙන්න එපා! අපි කලින්ම කිව්වා!

Next Post

ප්‍රසන්නට චැලෙන්ජ් එකක්! පුළුවන් නම් එළියට එන්න! (VIDEO)

MORE NEWS

එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…
Exclusive

එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…

June 26, 2022
අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!
Exclusive

අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

June 26, 2022
ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…
Exclusive

ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

June 26, 2022
හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!
Exclusive

හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!

June 26, 2022
බැසිල් ගැහුවා! ඊට පස්සේ රනිල් ගැහුවා! ඔන්න දැන් අලුත්ම එක්කෙනා කංචනත් ගහනවලු! අනේ අපේ රටට දෙයියන්ගෙම පිහිටයි!
Exclusive

මම දැන් ආයේ තෙල් නැව් එන දවස කියන්න යන්නේ නෑ! තෙල් නැවක් එන දවසක් කියන්නත් බෑ! අපි හෙට සිට ටෝකන් එකක් දෙනවා! පෝලිමේ ඉන්නෙ නැතිව ඒක අරන් යන්න! කංචන අඩියක් පස්සට අරන් මාධ්‍ය හමුවක් තියයි! (VIDEO)

June 26, 2022
අරගලයට ගහපු අය අතර ඇමැති කෙනෙක් හිටියා! පොලිස් ලොක්කෙක් හිටියා! ඒ අය තවම නිදැල්ලේ! වහාම කොමිසමක් දාලා පරීක්ෂණ පවත්වන්න! එහෙම නැත්නම් අපි ඔක්කොම පාරට බහිනවා! අරගලකරුවන්ට යුක්තිය ඉටු කරන්න රාජිත සූදානම් වෙයි!
Exclusive

හැමතැනම තියෙන අරගල එක තැනකට! ආණ්ඩුව පළවා හරින මහා ජනඅරගලයක් සූදානම් වෙයි! (VIDEO)

June 26, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…
Exclusive

එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…

June 26, 2022

ශ්‍රී ලංකාව, අකාර්යක්ෂම පාලන තන්ත්‍රයක් විසින් ශේෂ කරන ලද ව්‍යසනයකට මුහුණ...

Read more
අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

June 26, 2022
ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

June 26, 2022
හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!

හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!

June 26, 2022
බැසිල් ගැහුවා! ඊට පස්සේ රනිල් ගැහුවා! ඔන්න දැන් අලුත්ම එක්කෙනා කංචනත් ගහනවලු! අනේ අපේ රටට දෙයියන්ගෙම පිහිටයි!

මම දැන් ආයේ තෙල් නැව් එන දවස කියන්න යන්නේ නෑ! තෙල් නැවක් එන දවසක් කියන්නත් බෑ! අපි හෙට සිට ටෝකන් එකක් දෙනවා! පෝලිමේ ඉන්නෙ නැතිව ඒක අරන් යන්න! කංචන අඩියක් පස්සට අරන් මාධ්‍ය හමුවක් තියයි! (VIDEO)

June 26, 2022
අරගලයට ගහපු අය අතර ඇමැති කෙනෙක් හිටියා! පොලිස් ලොක්කෙක් හිටියා! ඒ අය තවම නිදැල්ලේ! වහාම කොමිසමක් දාලා පරීක්ෂණ පවත්වන්න! එහෙම නැත්නම් අපි ඔක්කොම පාරට බහිනවා! අරගලකරුවන්ට යුක්තිය ඉටු කරන්න රාජිත සූදානම් වෙයි!

හැමතැනම තියෙන අරගල එක තැනකට! ආණ්ඩුව පළවා හරින මහා ජනඅරගලයක් සූදානම් වෙයි! (VIDEO)

June 26, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…

එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…

June 26, 2022
අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

June 26, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net